Wednesday, February 15, 2017

මල්ලිගේ පොලු පහරින් අක්කා එලොව යයි

2017-02-15 ප.ව. 8:31
කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ දි අද (15) උදෑසන 9.00 ට පමන සිදුවූ බව කියන පහරදීමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොල්ලකින් සිදුකල පහරදිමක් හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ කන්දකැටිය බදුලුඔය දහයේ කොටස 23 ඇල පදිංචි ආර් එම් රංජණි (34) නැමැති තුන්දරු මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ සොයුරෙකු හා පහරදිමට යොදාගත් බවට සැලකෙන පොල්ලක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
ඉඩම් ආරවුලක් සිද්ධියට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සිද්ධිය වන අවස්ථාවේ මෙම කාන්තාව පමනක් නිවසේ සිට ඇති අතර අවට සිටි පිරිසක් කෑ ගසන හඩ ඇසී ඇගේ සැමියා වන ආර් එම් කරුණාරත්න යන අය එම ස්ථානයට දිව විත් තම නිවස ඉදිරිපස වැටී සිටි මෙම කාන්තාව කන්දකැටිය රෝහලට ඇතුලත් කර ඇත. එහෙත් ඒ වන විටත් එම කාන්තාව මිය ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අද (15) සවස මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරී මට

නියමිතව තිබිණී. කන්දකැටිය පොලිසිය පරීක්සණ පවත්වයි





No comments:

Post a Comment