Sunday, February 12, 2017

වනජීවි නිළධාරින් අලි එලවද්දී, ගමේ තරුණයෙක් අලියා පාගලා - තරුණයා ජිවිතක්ෂයට

 2017-02-12 ප.ව. 9:00
වනජීවී නිළධාරින් විසින් ගම්වැදි වන අලි පලවා හරිද්දී මහියංගන, 16 කණුව, මැදයාය ගම්මාණයේ තරුණයෙකු වන අලියෙකු විසින් පෑගීම හේතුවෙන් අද සවස 5.30ට පමණ එම ස්ථානයේදීම මියගොස් ඇත. ගම්මානයේ අතරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගය වෙත සිය මව සමග මිය ගිය තරුණයා පැමිණෙමින් සිටියදී අතුරු මාර්ගයේ දිව ආ තනි අලියෙකු විසින් පෑගිම හේතුවෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මහියංගණ, 16 කණුව, මැදයාය, 169/ ඒ, නිවසේ පදිංචිව සිටි ඉසුරු සදරුවන් නම් වයස 24ක තරුණයෙකි. ඔහු දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලක වැඩි මහල් දරුවා වන අතර පියා වකුගඩු රෝගය හේතුවෙන් වසර 07 කට පමණ ඉහත දී මියගොස් ඇත. මියගිය ඉසුරු සදරුවන් “මන්ද මානසික“ නම් රෝගී තත්වයෙන් පෙලෙන්නකි.
වනජිවි නිළධාරින් විසින් කිසිදු දැනුවත් කිරිමකින් තොරව ගම්වැද සිටි වන අලි පැන්නීමට කටයුතු කිරිම හේතුවෙන් අද (12) සවස ගම්වාසී විශාල පිරිසක් පීඩාවට පත් වු බවට ඔහුන් විසින් චෝදනා කරති. වන අලි පැන්නීමේදි ශබ්ද විකාශණ මාර්ගයෙන් දැනුවත් කරන්නේනම් මෙවැනි අනතුරු සිදු නොවන බවට ගම්වාසීන් පෙන්වාදෙති.
තරුණයා ජීවත්ව සිටියදී ලබාගත් ඡායාරූප අනුග්‍රහය
 Gunawardana De Silva







No comments:

Post a Comment