Monday, February 6, 2017

69 වන නිදහසට මහියංගන රාජ්‍ය නිළධාරින් පාරට බසී

 2/4/2017 11:20 AM

69 වන ජාතික නිදහස්දින සමාරා මහියංගන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය නිළධාරින් සියල්ල එක්ව මහියංගන නගරය කලාප 05කට වෙන් කර පරිසරය පිරිසිදු කිරිමේ මහා ශ්‍රමදානයක් මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් අද (04) උදැසන පැවැත්වීය. මේ සදහා රාජ්‍ය නිළධාරින් 500කට අධික පිරිසක් සහබාගිවී සිටියේය. විශේෂයෙන් ඩෙංගු මදුරුවන් නගරයේ බෝවිය හැකි ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම පිරිසිදු කිරිම් සිදු කරනු ලැබීය.

වැඩබලන මහියංගන ප්‍රාදේශිය ලේකම් පී එස් පී අබේවර්ධන මහතාගේ සංවිධානයෙන් සහකාර ප්‍රාෙද්ශිය ලේකම් එච් එම් රුචිනි ප්‍රතිභා හිටිහාමු මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙම මහා ශ්‍රමධානය පැවැත්වින. ඒ සදහා මහියංගන ප්‍රා දේශිය සභාවේ සහයද, රාජ්‍ය හා රාජ්‍ය නොවන අායතනයන්ගේද නොමද සහය ලැබින.








No comments:

Post a Comment