Friday, February 3, 2017

මහියංගනයට එමින් සිටි හිටපු ජනපතිගේ ආරක්ෂක රථයක් අනතුරක

12:22 AM 2/3/2017

මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන්තවයෙන් මහියංගණ ප්‍රදේශයේ ආගමික උත්සවයකට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිස ගමන් කල ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රිරෝද රථයක් ඊයේ (02) පෙරුවරු 06.30 ට පමණ කිරිබත්කුඹුර ප්‍රදේශයේදී ගැටීමෙන් ත්‍රිරෝද රථ රියදුරු තුවාල ලැබ පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කටයුතු භාරව ක්‍රියාකරන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් එලෙස අනතුරට පත් විය.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථ රියදුරු බීමතින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව අප වාර්තාකරු පවසයි.
ඩිෆෙන්ඩර් රථය හා ත්‍රිරෝද රථය මහනුවර දෙසට ධාවනය වෙමින් ති‍බියදී මහනුවර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ත්‍රිරෝද රථය ගැටී පසුපසින් පැමිණි ‍ඩිෆෙන්ඩර් රථයේ ගැටීමෙන් අනතුරු සිදුව තිබේ.

No comments:

Post a Comment