Monday, February 6, 2017

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවයේ මුල් තැන දෙවන වරටත් මහියංගණයට



 2017-02-06 ප.ව. 7:53

සුවපත් භාවයෙන් විශිෂ්ඨත්වයට යන තේමාව යටතේ 2016 බදුල්ල දිස්ත්‍රිකයේ සෞඛ්‍ය සේවයට ඉටු කරනු ලැබු සේවා ඵල ඇගයීමෙන් සෞඛ්‍ය කේෂත්‍ර දෙකක ප්‍රථමස්ථානය දිනා ගැනිමට මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරිනියන් දෙදෙනෙකු සමත්වුහ. 2015 වර්ෂයේද බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රථමස්ථානය ලබාගනිමින් අඛන්ඩව දෙවරක්ම ඔහුන් දෙදෙනා මෙවරත් දිස්ත්‍රික්කයේ ප්‍රථමස්ථානය දිනාගනිමින් මහියංගනයට කීර්තියක් එක් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවය නන්වනු වස් ගම්දනව් සිසාරා දොරින් දොර වෙසෙන දනන්හට සුවපත් දිවියක් උරුම කර දිමට ඉටුකරනු ලැබු  අප්‍රමාණ සේවය අගයනු වස් බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය 2016 වර්ශය සදහා කාර්ය ඵල ඇගයිමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් අතරින්  ප්‍රථමස්ථානය ශ්‍යාමලී රත්නායක මහත්මිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් අතරින් ප්‍රථමස්ථානය මහියංගන පුජානගර කොට්ඨාශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරි අංජලිකා ගුණතිලක මහත්මිය පසුගියදා ඌව පළාත් සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි මහතාගේ සුරතින් ඇගයිමට ලක් කෙරිනි.

  මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය චමිල ප්‍රසාද් ලොකුගීගන මහතාගේ හා අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සිදත් රෝහන මහතා සමග ඇගයීමට ලක්වු නිළධාරිනියන් දෙදෙනා ඡායාරූපයේ වේ.

No comments:

Post a Comment