Thursday, February 9, 2017

හසලක ගුරුලුපොත කන්දක් නාය ගිහින් - තව කොටසක් නායයෑමේ අවදානමේ

2017-02-09 ප.ව. 8:44
හසලක, ගුරුලුපොත, කදන්හේන, බෝමලුව ගම්මානයේ ගැටලාගොල්ල අමුණ පසුගිය 06 දින නායෑමෙන් ගම්මාණයේ කුඹුරු අක්කර 100ක් පමණ ජලය නොමැති කම් හේතුවෙන් විනාශ වෙමින් පවතී. නාය යෑම සිදුවන ප්‍ර දේශය ආසන්නයේ ගම්මානයේ එක් නිවසක් පිහිටා ඇත. නායගොස් ඇති කොටසට අමතරව තවත් විශාල ප්‍ර දේශයක් භූමිය ඉරිතලා නායයෑමට ආසන්න භූලක්ෂණ පෙන්නුම් කෙරේ.
නායයාම සිදුව ඇති ප්‍ර දේශය අවට අක්කර බාගයක පමණ කොටසක භුමියේ ස්ථාන රැසක විශාල පැලුම් දැකියහැකි අතර දිනෙන් දින එම පැලුම් වැඩිවන බවයි ගම්වාසින් පවසන්නේ.
ගැටලාගොල්ල ගොවි සමිතියේ සභාපති වයි එම් අබේරත්න මහතා “ජනවාරි මාසයේ සිට ගැටලාගොල්ල ඔයේ අමුණ ආසන්නයේ භුමියේ ඉරිතැලීම් තිබ්බා. මේ සතියේ මුල තමයි ගැටලාගොල්ල අමුණ ආසන්නයේ කොටස් රෑ නායගියේ. ඇලේ කොටසක් කැඩිලා හින්දා කුඹුරුවලට ජලය සපයන්න විදියක් නෑ. කුඹුරු ගොඩක් මැරෙනවා වතුර නැතුව. ගම්වාසීන් හා ගොවියන් අසරණ භාවයට පත්වෙලා“ යැයි පැවසීය.
මිනිපේ ප්‍රා දේශිය ලේකම් සන්ධ්‍යා ගුණරත්න මහත්මිය “ ගියසතියේ සෙනසුරාදා සිට තමයි පොළවේ පැළිම් ගම්වාසින් දැකලා තියෙන්නේ. සදුදා රූ තමයි අමුණ නාය ගිහින් තියෙන්නේ. අපි ගිහින් ඒ ස්ථාන නිරික්ෂණය කරලා බැලුවා. අපේ දැනුම්දීම මත වාරි නිළධාරින්, පැමිණ නාය ගිය බිම් ප්‍රදේශය හා නායයෑමට ආසන්න භුමිය නිරික්ෂණය කරා. නායයෑම් සම්බන්දයෙන් ක්‍රියාකරනා රජයේ ආයතනද දැනුවත් කරලා තියෙන්නේ.“ යැයි ප්‍රා දේශිය ලේකම් තුමිය පැවසීය









No comments:

Post a Comment