Monday, February 6, 2017

හොරෙන් පන්නන්න හැදු තේක්ක කොට පැටවු ලොරි දෙක් පොලිසියට මාට්ටු

 2017-02-06 ප.ව. 9:30

රිදීමාලියද්ද, අභයපුර ගම්මානයේ සිට මඩකලපුව දක්වා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු තේක්ක කදන් 100ක් පටවු ලොරි රථ දෙකක් හා සැකකරුවන් 06 දෙනෙකු සමග පෙරේදා (04) සවස මහියංගන පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. එක් ලොරි රථයක දැව කදන් 52ක්ද අනෙක් ලොරි රථයේ දැව කදන් 48ක් පටවා තිබුනි.

අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් තිදොනකු ඌරණිය ප්‍ර දේශයේද අනෙක් සැකකරුවන් බිබිල, ආදාඋල්පොත, මාපාකඩවැව යන ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. අත් අඩංගුවට ගනු ලැබු දැව, දැව වාර්ථා ලබාගැනීමෙන් අනතුරුව සැකරුවන් සමග මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා පරික්ෂණ ක්‍රියාත්මක අතර උ.පො.ප. වික්‍රමසුරිය, පො.කො. 35505 ධම්මික,83902 චන්දන යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.








No comments:

Post a Comment