Thursday, February 9, 2017

මහියංගන ජාතික පාසලේ සිදුන් දෙපිරිසක් නැවතත් ගුටි කෙලියක - දෙදෙනෙක් රෝහලේ

9:54 PM 2/9/2017‍

මහියංගන ජාතික පාසලේ පංති දෙකක සිසුන් දෙපිරිසක් අද (09)  පාසල කාලය තුලදී ගැටුමක් ඇති කර ගැනීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු සුලු තුවාල  ලබා මහියංගන රෝහල වෙත ප්‍රතිකාර ලබගැනීම සදහා ඇතුලත් කර ඇත.

කාලයක් තිස්සේ මෙම සිසුන් දෙපිරිස  වරින්වර ගැටෙමින් අර්බුද රැසක්  ඇති කරමින් පාසලේ කීර්ති නාමයටද කැළලක් වන ආකාරයෙන් කටයුතු සිදු කරනු ලබන අතර, ගුටුම් ඇතිවීම වැලැක්වීම සදහා පාසැල් පරිපාලනය අධිකාරය මේ වනතුරු අපොහොසත්ව ඇත.

මෙම ශිෂ්‍යයයන්ගේ ගැටුම් පාසල තුල සේම  නගරයතුලද, බස්නැවතුපලේද ඇතිවීම ඉතාමත් සෝචනීය හා අවාසනාවන්ත තත්වයකට පත්ව ඇත.

2016 පසුගිය වර්ෂයේ අවසන් වාරයේ දෙසැම්බර් නිවාඩුව ලබදෙන සතිය තුලදීද මෙම ගැටුම්  ඇති වු අතර ලංගම බස්නැවතුම් පලේද මෙම ගැටුම් ඇතිවීය.  ඊට පෙරත් මෙම ගැටුම් ඇතිවී ඇත.

No comments:

Post a Comment