Friday, February 3, 2017

ස්කැවේටර් යොදා ඔයේ වැලි පැටවු ව්‍යාපාරිකයා ගම්වාසීන් කොටුකර විරෝධතාවය ඵල කර සිටී

 2017-02-02 ප.ව. 8:02
රිදිමාලියද්ද මොරාන ජලාශ ව්‍යාපෘතියේ ස්කැවේටර් යොදා හෑපොළ ඔයේ මහාපරිමාණ ලෙස වැලි කැනීම් සිදු කල ව්‍යාපාරිකයා ගම්වාසීන් විසින් ඊයේ (02) සවස කොටු කර ගෙන ඊට විරෝධතාවය දැක්වීය. ලබාගෙන ඇති බලපත්‍රය ව්‍යාජ එකක් බවත් එහි වැරදි සහගත ලෙස පරිසර හා දේපල හානි වන අන්දමින් බළපත්‍ර කොන්දේසී භූවිද්‍යා හා පතල් කාර්යාලයෙන් ඇතුලත් කර ඇති බව පවසති. මොරාන ප්‍ර දේශයේ වැලි පිට පළාත් වල ව්‍යාපාරිකයන් පැමිණ යන්ත්‍ර සුත්‍ර දමා කොළඹ පටවන බවත් ජලාශ ව්‍යාපෘතියට යට වන ගම්මානයේ පවුල් 70ක් සදහා ඉදිවන නව ගම්මානයේ නිවාස සැදිම සදහා වැලි නොමැතිව අධික මිළට පිට පළාත් වලින් හෝ කොළඹ සිට වැලි මොරානට ගෙන එන්නට සිදු වේදැයි ප්‍රශ්න කර සිටියේය. එසේම මෙවැනි වැලි කැණිම් හේතුවෙන් රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ දිගම පාලම වන මහලුණුක මොරාන පාලමටද හානි වන්නට ඉඩ ඇති බවයි ගම්වාසින් චෝදනා කරන්නේ. මොරාන ජලාශ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම නිළධාරින් විසින් ගම්වාසීන් සදහා අසිමිත ලෙස බලවත් අසාධාරණකම් සිදු කල බව එහිදි ගම්වාසින් පැවසීය.
ගැටලුව විසදීම සදහා රිදිමාලියද්ද පොලිසියේ රථවාහන අංශයේ පොලිසි නිළධාරින් දෙදෙනෙකු පැමිණි අතර විසදනවා වෙනුවට ගම්වාසීන් විසින් සාමය කඩකලේ යැයි පවසා පොලිසියට රැගෙන යෑමට සැරසීමෙන් උණුසුම් කාරි තත්වයක් ඇති වී ඇත. පැමිණි පොලිස් නිළධාරින් ගම්වාසින් විසින් හරවා යවීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අනුව සිද්දිය වෙනුවෙන් උසස් පොලිස් නිළයන්ටද මැදිහත් වන්නට සිදුවිය. ඒ අනුව රිදිමාලියද්ද පොලිස්ථානාධිපති රොෂාන් බන්දුසේන මහතා පැමිණ ගම්වාසීන් හා ව්‍යාපාරිකයා අතර ගැටලුව සම්බන්දයෙන් සාකච්චාකර විසදුම් ලබාදීමට කටයුතු කර ඇත. එහිදි මුලින් ස්ථානාධිපතිවරයා අසිමිත ලෙස ගම්වාසින් හට බැන වැදුන බවත් ගම්වාසීන් චෝදනා කරති.
ගම්වාසින් පවසන්නේ පොලිසිය ව්‍යාපාරිකයාගේ පාර්ශවයට සාදාරණයක් වන ආකාරයෙන් කටයුතු කල බවත් ස්ථානාධිපතිවරයා පැමිණ පරුෂවචනයෙන් ගම්වාසින් හට බැන වැදුන බවයි.
මොරාන ජලාශ ව්‍යාපෘතියේ ඉඩම් නිළධාරී බැසිල්ද සිල්වා මහතා මෙසේ පැවසීය “ මේ ව්‍යාපෘතියේ වැලි සම්බන්දයෙන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. එය අද මහජන උද්ගෝෂණයක් දක්වා දික් ගැස්සුනා. රිදිමාලියද්ද පොලිස්ථානාධිපතිතුමත් මෙතෙන්ඩ පැමිණිලා දෙපැත්ත සමතයකට පත් කරා. මම දකින විදියටනම් භුවිද්‍ය හා පතල් කාර්යාංශයේ ලබදීපු බලපත්‍රයයේ වැරැද්දක් වෙලා තියෙනවා. ගග ඉහලටත් දීලා තියෙනවාග ගග පහලටත් දීලා තියෙනවා. මෙතන අපිට මිණුම්දෝරු ප්ලෑන් එකක් හොයාගන්න නෑ. සීමාවක් නෑ. යෝජිත මාරාන ජලාශ ව්‍යාපෘතියේ වැලි කැණිම් කටයුතු ගග ඉහල සිට මිටර් 750ක් දුරින් සිදු කල යුතු අතර ජලාශ වේල්ලේ සිට ගග පහලට මීටර් 500ක් පමණක් වැලි කැණිම් සිදු කල යුතුය කියා කොන්දේසිවල තියෙනවා. මේ පහලට වැලි ගොඩදානකො වේල්ලෙන් පහල ජලාශයට යට නොවන පාලමට හානි වෙනවා. ඒක අපි මේ ව්‍යාපාරිකයාට නතර කරන්න කියලා කිව්වා. ඒත් ඊට පහුවෙනිදාත් ඒ ව්‍යාපාරිකයා ඒ කටයුතු කරා. ඒ නිසා මේ කැනීම් බලපත්‍ර යේ සංසෝධනයක් සිදු කලයුතුය් කියා මම කියනවා “ යැයි කිය.
රිදිමාලියද්ද පොලිස්ථානාධිපති රොෂාන් බන්දුසේන මහතාගේ මැදිහත් වීමෙන් ජලාශයට යට වන නිවාස අහිමිවන ගම්වාසින් සදහා නව නිවාස සාදාගැනීම සදහා වැලි කියුබ් 20 බැගින් ලබාදීමට ව්‍යාපාරිකයා පොරොන්දු විය.
මෙම ගැටලුව සම්බන්දයෙන් මොරාන ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක එච් වී ඊ මෙන්ඩිස් මහතාගෙන් විමසු විට “ මේ කයි ඇත්ත කථාව. මම භුවිද්‍යා එකට විරුද්ධව කියනවා නෙවෙයි. 2015 අපෙන් ගත්ත නිර්දේශයකට භුවිද්‍යා එකෙන් ගිය සතියේ වැලි කැණිම් බලපත්‍රයක් දීලා. පොලිස්ථානාධිපතිතුමන් ඒවා හංගගනනේ කථා කරන්නේ. මම දිපු කන්ඩිෂන් නෙවෙයි අර බලපත්‍රය පෙන්නලා මේ හරියේ ගන්ඩ දිලා තියෙනවා කියලා කරන්නේ. ඔය බලපත්‍රය එයාගේ නමටත් නෙවෙයි තියෙන්නේ. ඒකත් හරවාලා ලක්ෂ්මන් කියලා කෙනෙකුට.
ඊයේ දුන්නා කියාලා ලියුමක් පෙන්නවා. මම ඒ දුන්නේ පෙරේදා මේක නතර කරන්න කියලා. ඕ අයි සි මහත්තයා එතෙන්දි කියලා තියෙන්නේ පී.ඩි. මහත්තයා වැඩේ කරන්න කියලා ලියුමක් දිලා තියෙනවා කියලා. ඒ අවසර දිලා නෙවෙයි. ඒක නතර කරන්න කියලා දිපු ලියුම. අරක දිලා තියෙන්නේ වැව කරගෙන යනකොට 2015 හා 2016 අප්‍රේල් දීලා තියෙනවා. එතකොට අපි එච්චර වැඩ කෙරිලා තිබුනේ නෑනේ. ඒක නිසා දුන්නා ඔය වැලි ටික අයින් වෙන්න ඕන හින්දා“ යැයි පැවසීය.
මොරාන ජලාශ ව්‍යාපෘතියේ ඉඩම් නිළධාරී බැසිල්ද සිල්වා මතාද මෙම වැටලුව විසදීම සදහා ව්‍යාපාරිකයා වැලි ගොඩදැමු ස්ථානයට පැමිණ සිටියේය.










No comments:

Post a Comment