Monday, November 2, 2015

ආදිවාසින්ගේ ඇස් අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට


10/31/2015 1:17 AM
දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසි පවුල් හා ගම්මානයේ වැසියන්ගේ ඇස් විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක්කල විශේෂ අක්ෂි සායනයක් ඊයේ (01-11-2015) උදැසන දඹාන ආදිවාසි ගම්මානයේ දඹාන කණිෂ්ඨ විද්‍යාලයේදි පැවැත් වින.
අක්ෂි රෝග රැසක් තිබියදි ආර් ථික අපහසුකම් රැසක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නට ඉදිරිපත් නොවන හා යොමු නොවන අදිවාසි ගම්වාසින් ඉලක්ක කර ගනිමින් මෙම අක්ෂි සායනය පැවැත් වු අතර සායනය සදහා ගම්මානයේ 300කට අධික පිරිසක් පැමිණ සිටියේය.
විශ්ව කිර් ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද මෙම අක්ෂි සායනය සදහා සහභාගි වි අක්ෂි පරික්ෂාවක් සුදු කර ගත් අතර නව උපැස්යුවලක්ද ලබා ගත්තේය‍ෙ.
මහනුර මහ රෝහලේ අක්ෂි ඒකකයේ විශේෂඥ අක්ෂි වෛද්‍ය දමයන්ත බැමිනිවත්ත මහත්මියගේ අදහසකට අනුව, මෙම අක්ෂි සායනය විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රිලංකා අක්ෂි පදනම මගින්, මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය සි පි ලොකුගිගන මහතා හා නිළධාරින්, දඹාන ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය වසන්ත කුමාර මහතා සහ මහියංගන පොලිස්ථානයේ ප්‍රජාපොලිස් ඒකකය මගින් සංවිධානය කරන ලදී.
ශ්‍රිලංකා අක්ෂිපදනම මගින් ඇස් කන්නාඩි හා කාච නොමිලේ ලබාදිම සිදු කරන ලදී.
මෙහිදි ඇසේ සුද ඒමෙන් පෙනිම දුර්වල වු පුද්ගලයන් හා අනෙකුත් රෝග ඇති රෝගින් විශාල පිරිසක් හදුනා ගත් අතර ප්‍රතිකාර සදහා මහියංගන හා මහනුවර රෝහල් වෙත යොමු කරන ලදී. සායනයේදි ප්‍රතිකාර ලබාදිය හැකි සැම රෝගියෙකු හටම විශේෂඥ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදිම මෙහිදි සිදු කෙරිනි.




No comments:

Post a Comment