Monday, November 2, 2015

මහියංගන රජමහාවිහාරයේ ආවාසෙට හොරු පැනලා - ලොකු හාමුදුරුවෝ ජනාධිපති සමග තායිලන්ත සංචාරයේ - ලක්ෂ 8කට අධික මුදල් හා වටිනා කැමරාවක්ද අතුරුදහන් වු භාණ්ඩ අතර වේ.

10/31/2015 12:48 AM
ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ හිමිවරු වැඩසිටින ආවාස ගෙයිහි ඊයේ (01) රාත්‍රි මුදල් අස්ථාන ගතවි ඇති බවට මහියංගන පොලිසිය වෙත විහාරස්ථානයේ හිමිවරු පැමිණිලි කර ඇත. මෙසේ අස්ථාන ගතවී ඇති මුදල් ප්‍රමාණය ලක්ෂ 8කට අධික වන අතර වටිනා කැමරාවක්ද අතුරුදහන් වු භාණ්ඩ අතර වේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයතිලක මහතා ඇතුලු අපරාධ ස්ථාන පරික්ෂණ අංශය (SOCO) බදුල්ල කාර් යාලයේ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ මේවන විට ආරම්භකර ඇත.
මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ මේ වන විට අති ගරු ජනාධිපතිතුමන් සමග තායිලන්ත සංචාරයේ යෙදි සිටින විට මෙම සිද්ධිය සිදුවී තිබිව
මහියංගන රජමහා විහාරස්ථානයේ සිට සර්වඥධාතූන් වහන්සේ 5 නමක් 01 දින තායිලන්තය වෙත ජනපතිතුමන් සමග වැඩම කරවිම සිදු කල අතර තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට සිට ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි

No comments:

Post a Comment