Monday, November 16, 2015

මාදුරුඔය ජලාශයට ඇද වැටුණේ උල්කා වර්ෂාවක් ද?

MONDAY, 16 NOVEMBER 2015 - 8:36

මාදුරුඔය ජලාශය දෙසට ඇද වැටුනු දීප්තිමත් ආලෝකයක් සහිත වස්තුව උල්කාවක් බවට සැක පළ කරන බව තාරකා ජීව විද්‍යා ගවේෂක, කීර්ති වික්‍රමරත්න පවසනවා. පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ මාදුරුඔය ධීවර ගම්මානයේ වැසියන්ට දීප්තිමත් ආලෝකයක් මාදුරුඔය ජලාශය දෙසට පතිත වන ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලෝක උල්කාපාත සංවිධානය විසින් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දිනවල උල්කා වර්ෂාවක් සක්‍රිය වී ඇති බවයි. ටොරිඞ් නමින් හඳුන්වා ඇති මෙම උල්කා වර්ෂාව මැනවින් දර්ශනය වන්නේ උතුරු අර්ධ ගෝලයේ පවතින රටවලටයි.

පසුගිය දින කිහිපය තුළ දී ඇතැම් රටවලට මෙම උල්කා වර්ෂාවන් ඇති වී ඇති අතර ඒවා දීප්තිමත් ලෙස ඉහළ අහසේ පුපුරා ගොස් තිබුණා. එය ඇතැම් පුද්ගලයින්ට අද්භූතගත සිදුවීමක් විය හැකි බවයි ලෝක උල්කාපාත සංවිධානය පෙන්වා දෙන්නේ. එළඹෙන 17, 18 සහ 19 යන දිනයන් හිදී උල්කා වර්ෂාවන් ඇති වනු ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.

තාරකා ජීව විද්‍යා ගවේෂක විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මාදුරුඔය ජලාශයට ඇද වැටුණු බවට පැවසෙන දීප්තිමත් ආලෝකය උල්කාවක් බවට දැනට සැක පළ කරන බවයි.

No comments:

Post a Comment