Sunday, November 1, 2015

මහියංගන රජමහා විහාරස්ථානයේ සර්වඥධාතූන් වහන්සේ 5නමක් තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි.

මහියංගන රජමහා විහාරස්ථානයේ සර්වඥධාතූන් වහන්සේ 5නමක් තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි.
10:02 AM 10/30/2015
සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ස්වර්ණ භූමි ගුවන්තොටුපොළ වෙත අද (01) ළඟා වී තිබේ.
ගුවන්තොටුපලේ දී හමුදා උත්තමාචාර මාධ්‍යයේ තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මහා සංඝරත්නය විසින් මහියංගන රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේ 5නමක් වෙනුවෙන් ස්වර්ණ භූමි ගුවන්තොටුපලේ විශේෂ ආගමික වතාවත් සංවිධානය කර තිබු අතර ඒ සඳහා ජනාධිපතිවරයා සහභාගී වී තිබේ.
අනතුරුව තායිලන්ත හිමිවරුන්ට පිරිකර පුජා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වඥධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් දෙරට අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් වන බව ප්‍රකාශ කර තිබේ.
තායිලන්තයට පැමිණෙන ලෙස තමාට සිදුකළ ආරාධනයට ද ජනාධිපතිවරයා එහිදී තායිලන්ත රජයට ස්තූතිය පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එහිදී තායිලන්ත ජනතාවට සර්වඥධාතූන් වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිය පල කර ඇති තායිලන්ත උප අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ සංස්කෘතික බැඳීම මෙයින් තවදුරටත් පෝෂණය වන බව ප්‍රකාශ කර තිබේ.
තායිලන්ත පුත්තමන්තෝන් විහාරස්ථානයේ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේ හෙට සිට ලබන 16 වැනිදා දක්වා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරෙයි. මහියංගන රජමහා විහාරස්ථානයේ සිට සර්වඥධාතූන් වහන්සේ 5නමක් ඊයේ (31) සවස තායිලන්තය සදහා වැඩම කරවිම වෙනුවෙන් අස්ගිරි විහාරස්ථනය සදහා වැඩම කරවනු ලැබිය

No comments:

Post a Comment