Saturday, November 7, 2015

බදුල්ල - මහියංගනය මාර්ගයේ රිය පැදවීම බලාගෙනයි- බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය

2015 නොවැම්බර් 06 02.59 p.m

මෙි දිනවල බදුල්ල දිස්ති‍්‍රක්කයට ඇදහැලේන ධාරානිපාත වර්ෂාව සමග බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද සිට තල්දෙන දක්වා මාර්ගයට ගල් කඩා වැටීම්, පස්කදු නායයාම සිදුවන බැවින්  රිය පැදවිමේ දී රියදුරන් විමසිලිමත්වන  ලෙස  බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කලමණාකරන ඒකකය පවසයි.
බදුල්ල මහියංගණ මාර්ගයේ තල්දෙන ප‍්‍රදේශයේ  (05දින) රාත්‍රී පස්කන්දක් මාර්ගයට කඩා වැටී එක මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
දුන්හිද වංගුව ආශි‍්‍රත ප්‍රදේශයේ හා මෙම මාර්ගයේ තැනින් තැන ස්ථාන කීපයකම  මාර්ගය පස්කදු හා ගල් කඩාවැටී නාය ගොස් මාර්ගය අවහිර වි ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සේවකයින් හා බැකෝ යන්ත‍්‍ර භාවිත කරමින් මර්ගයෙ ඇති නාය ගිය පස් හා ගල් ඉවත්කරමින් පවතින බවත් තවමත් පවතින වැසි සමග මාර්ගයේ ඉතා විමසිලිමත්ව රිය පදවන ලෙස බදුල්ල පොලිසිය රියදුරන්ට  අවවාද කරයි.

No comments:

Post a Comment