Tuesday, November 10, 2015

දරුවන් පණ මෙන් සරුකින්න - ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ ප්‍රජාව දැනුවත් කිරිමේ විශාල පාගමනක් හා විදි නාට්‍ය මහියංගන නගරයේදි - පාසැල් දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් පාගමනින් නගරයට

11/9/2015 1:33 AM
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් 2015 නොවැම්බර් 02 සිට 09 දින දක්වා “ ළමා සුරක්ෂිතතා සතිය“ ලෙස නම් කර ඇත.
ඒ නිමිති කර ගනිමින් දරුවන් පණ මෙන් සුරුකිමු යන තේමාව යටතේ දෙමාපියන් හා ප්‍රජාව දැනුවත් කිරිමේ පා ගමනක් හා විදි නාට්‍ය දර් ශනයක් මහියංගන ජාතික පාසැලේ විදුහල්පතිනිය ජේ ඒ චන්ද්‍රාවතී මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ගුරු මණ්ඩලය හා දරුවන් සහබාගිත්වයෙන් අද (09) උදැසන සංවිධානය කර තිබුනි. ඒ සදහා පාසැල් දරු දැරියන් 1000කට අධික ප්‍රමාණයක් සහබාගිවි සිටියේය.
මහියංගන ජාතික පාසැලේ සිට මහියංගන නගරය දක්වා පාසැල් දරු දැරියන් ප්‍රජාව දැනුවත් කිරිම සදහා පුවරු අතැතිව මහියංගන නගරය දක්වා පා ගමනින් පැමිණි අතර නගර මධ්‍ය යේ විදි නාට්‍යක්ද පවත්වා දරුවන් පණ මෙන් සුරකින ලෙසත්, දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට මුල් වන ලෙස ප්‍රජාව දැනුවත් කිරිම සිදු කරන ලදී.




No comments:

Post a Comment