Sunday, November 15, 2015

මහියංගන අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා දක්ෂතා දැක් වු දරුවන් ඇගයිමට ලක්කෙරේ - ඔවුන්ගේ පුහුණකරුවන්ද ඇගයිමට ලක්කරයි

11/16/2015 1:30 PM

මේ වසරේදී සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කළ,ඌවපළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී දස්කම් දැක්වූ මහියංගණ අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් හැත්තෑ දෙදෙනකු හා ඔවුන්ගේ පුහුණකරුවන්වූ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරුභවතුන් ඇගැයීමේ උපහාර උළෙලක් මහියංගණය කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගිය දා () පැවැත්විණි.
එම අවස්ථවහා එක්වූ මහියංගණ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.ප්‍රෙමරත්න මහතා, පාසල් ක්‍රීඩාපිටිය වර්ණවත්කරමින් ජාතික හා ජාත්‍යන්තර කෙළබිමේ දස්කම් දැක්වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපත ලියා ගැනීමසඳහා බොහෝ අයිතිකරුවන් පොර කනවා අපි දැකලා තියෙනවා.කුඩා කළම දක්ෂතාවන්ගෙන් පිරුණු දරුවන් හඳුනාගත් පාසල් ගුරුවරයා ඒ කොතැනකවත් නැහැ.ඒත් අපේ ගුරුවරුන් ඒ සියල්ල ඉවසාගෙන විශ්‍රාමයන තුරුම දරුවන් හොයනවා ,පුහුණු කරනවා,ජාතික තලයට ගේනවා කිසිම ඇගැයීමකට ලකවෙන්නෙත් නැහැ. අපේ ඇතැම් ක්‍රීඩකයින්ටත් අපිව අමතක වෙනවා. ඇතැම් මාධ්‍ය සාකච්ඡාවන් වලදී නම් දැරූ ක්‍රීඩකයින් තමන්ගේ පාසල ගැන කිසිම සඳහනක් නොකරන අවස්ථා අප දැක තිබෙනවා.සමහරෙක් පාසල ගැන යාන්තම් කියන අවස්ථාත් දැකලා තියෙනවා.ඒත් අපි ඒ ගැන කම්පා නොවෙන්නේ අපි ගුරුවර්න් වෙන නිසයි.
අපේ කලාපයේ පාසල් හැත්තෑ පහෙන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය සඳහා ඉන්නේ අතලොස්සක් තරම් ගුරු පිරිසක්.හැබැයි ඒ අතලොස්සක් දෙනා කරන මෙහෙය සුළුවෙන් හිතන්න බැහැ.ඔවුන්ගේ මහන්සියේ ප්‍රථිඵලයි අද මේ දරුවන් භුක්ති විඳින්නේ.ක්‍රීඩා ගුරුවරයාගේ කාර්ය භාරයට වේලාවක් කලාවක් නැහැ.දිවා රෑ නැහැ.ඔවුන් එහෙම කරන්නේ තමන්ගේ ක්‍රීඩකයා උසස් තැනකට ගෙන එන්නයි.එහෙම නම් මේ දරුවන් ක්‍රීඩාවට මෙන්ම අනෙකුත් විෂයයන් සඳහාත් කාළය කළමණාකරණය කරගෙන අධ්‍යාපනයත් හොඳින් කර ගැනීමෙන් තමන්ගේ ගුරුවරයාගේ මහන්සියට අගයක් දෙන්න පුලුවන්.
ක්‍රීඩාවට,කලාවට,සෞන්දර්යට යොමු වෙන දරුවන්ගේ මනස නිරවුල් නිසාම ඉගෙනුම් කටයුතු වලදී ඔවුන්ට පෙරමුණට එන්න පුළුවන්.එම හැකියාවෙන් උපරීම ඵල නෙලාගන්න මේ දරුවන්ට හැකියි. කාලානුරූපව අධ්‍යාපන පද්ධතියේ සිදුවන ප්‍රතිසංස්කරණ වලට අනුව දැන් සෑම දරුවකුම කුමන හෝ ක්‍රීඩාවක නිරත කරවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකයි.අද බෙහෝ දරුවන් ක්‍රීඩා ක්‍රියාකාරකම් නොමැතිකමින් බොනොවන රෝග වලට ගොදුරු වෙලා.දියවැඩියාව,හෘද රෝග, මානසික ආතතිය වැනි රෝග වලින් පොළෙන බවට සෞඛ්‍ය අංශ වලින් කියනවා.හෙට දවසේ කායික මානසික යෝග්‍යතාවයෙන් පෙළෙන දරු පිරිසක් රටට දායාද කර දීම අපේ වගකීමක් හැටියට අපි හිතන්න ඕනේ.
අද ක්‍රීඩාව වෙනුවෙන් පෞද්ගලික අංශයේ මැදිහත්වීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ඒ නිසාම ගම්බද පෙදෙස්වල වෙසෙන දක්ෂ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ආයතන වල දොරටු විවර කරලා.පාසල් දරුවන්ට විවිධ ආධාර උපකාර ලබා දෙනවා.මේවාත් අපි අගය කරන්න උවමනායි.අද මෙම වැඩසටහනේ දායකත්වය දරන්නේත් පුද්ගලික අංශයයි.ඔවුන්ට මාගේ උපහාරය පිරිනමනවා යැයි පැවසීය.
මෙම උපහාර උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේ මාස් ඇක්ටිව් ෂේඩ්ලයින් ආයතනය,එල්.ඕ.එල්.සී සමාගම,එලයන්ස් ෆිනෑන්ස් සමාගම යන පුද්ගලික ආයතනයි. මහියංගණ කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අංශය මගින් මෙම උපහාර උළෙල සංවිධානය කරන ලදී.










No comments:

Post a Comment