Wednesday, November 4, 2015

පාසැල් ක්‍රිඩාපිටියේ කළාප අධ්‍යාපන කාර් යාලයක් හදනවා - දෙමාපියෝ දේශපාලකයන් දරුවන් විරෝධය පා පාරට බසී

 පාසැල් ක්‍රිඩාපිටියේ කළාප අධ්‍යාපන කාර් යාලයක් හදනවා - දෙමාපියෝ දේශපාලකයන් දරුවන් විරෝධය පා පාරට බසී
11/2/2015 4:39 AM
“ මම ඇත්තටම කණගාටුවෙනාව...මොකද රටේ දැනුමෙන් පෝශිත ඉහල නිළධාරින් ඉන්න තැනක් තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ..ළමයෙකුගේ ක්‍රිඩා කෞශල්‍යන් විනාශ කර දමමින්, දියාරු කරමින් ඒ අයගේ අරමුණු ටික ඉටු කර ගන්න ක්‍රිඩා පිටියේ ගොඩනැගිල්ලක් හදනාව.. ඒ ගැන අපිට දුකයි. සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහ ගෙනදුන් ක්‍රිඩා පිටියක් තමයි මේ විනාශ කර දමන්නේ“ යැයි ක්‍රිඩාපිටිය හානි වන අන්දමින්ක්‍රිඩාපිටියේ කාර් යාල ගොඩ නැගිල්ලක් ඉදිකිරිම සම්බන්දයෙන් රිදිමාලියද්ද, ආදාඋල්පත ජාතික පාසැල ඉදිරිපිට විරෝධතාවයේ යෙදි සිටි සුසුවෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
රිදිමාලියද්ද, ආදාඋල්පත ජාතික පාසැලේ ක්‍රිඩාපිටියේ, ක්‍රිඩා පිටියට හානිවන අන්දමින් කළාප අධ්‍යාපන කාර් යාලයක් සෑදිම සදහා මේ වන විට ආරම්භ කර තිබිම හේතුවෙන් පාසැල් දරුවන්ගේ ක්‍රිඩා කටයුතු සදහා තිබු කුඩා බිම් කඩද අහිමි වන බව පවසමින් පාසැල් දරුවන්, දේශපාලන නායකයන්, ගම්වාසින් පාසැල ඉදිරිපිට අද (04) උදැසන විරෝධතාවයක නිරත විය.
රිදිමාලියද්ද ප්‍රා දේශීය ලේකම් කාර් යාලය මගින් ආදාඋල්පත නගරයේ කළාප අධ්‍යාපන කාර් යාලයක් සදහා නිත්‍යානු කුලව බිම් කොටසක් වෙන්කර අධ්‍යාපන ඉහල බළධාරින් නිත්‍යානු කූල ආකාරයට දැනුවත් කර තිබියදි හිතුවක්කාර ආකාරයෙන් පාසැල් සංවර් ධන සමිතියේ, ප්‍ර දේශවාසින්ගේ විරෝධතාවය, ප්‍රා දේශිය දේශපාලන නායකයන්ගේ විරෝධතාවය හා පාසැල් දරුවන්ගේ විරෝධතාවය තිබියදි ක්‍රිඩා පිටියේ කොනක කළාප අධ්‍යාපන කාර් යාලය ඉදිකිරිම මේ වන විට ආරම්භ කර ඇති අතර ඉදිකිරිම් සදහා විශාල මුදලක් වියදම් කර ඇත. මේ සදහා අධ්‍යාපන දෙපාර් ථමේන්තුවේ නිළධාරින් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික මැදිහත්විම්තුලින් මෙම ඉදිකිරිම් සිදුවන බව විරෝධතාවයේ යෙදි සිටි පිරිසගේ අදහස විය.
ක්‍රිඩාපිටියේ යම් හෙයකින් නව ගොඩනැගිල්ලා ඉදි කලහොත් ඒ සදහා ගමන් කිරිමට මාර් ගයක් , වැසිකිලි සදහා ඉඩකඩ ලබා ක්‍රිඩාපිටියේ කොටසක ලබදිමටත්, රථ ගාලක් සදහා, වතුර ටැංකියක් සදහා , ගබඩාවක් සදහා ඉඩකඩ ක්‍රිඩා පිටියේ භුමියෙන් ලබාදිමට සිදුවන බව විරෝධතාවයේ යෙදි සිටි දෙමාපියන් හා දේශපාලන නායකයන් ගේ අදහස විය.‍
අධ්‍යාපන නිළධාරින්ගේ මෙම අත්තනෝමතික ක්‍රියාව සම්බන්දයෙන් අධ්‍යාපන අමාතාංශය ඉසුරුපාය, ඌප පළාත් මහා අමාත්‍යවරයා, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක, ඌප පළාත් අධ්‍යාපන ලේකම් හා පහල අධ්‍යාපන නිළධාරින් දැනුවත් කර තිබියදි මෙම ගොඩනැගිල්ල එම ස්ථානය සදහා අනුමත කල අධ්‍යාපන නිළධාරින් හයදෙනෙකුගේ රැකියාව රැක ගැනිම හේතුවෙන් මේ වන තුරු ඉදි කිරිම් සිදු කරනා බව විරෝධතාවයේ යෙදි සිටි ජනතා විමුක්ති පෙරමුනේ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න, එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක හා ඌව පළාත් සභා මන්ත්‍රි උපාලි සේනාරත්න මහතා හා දේශපාලන නායකයන් විද්‍යාලිය දරුවන් ,දෙමාපියන් රාශියක් ප්‍රකාශ කර සිටියේය .මෙම විරෝධතාවය විශාල පිරික් සදහා සහබාගි වි සිටියේය.
පාසැලේ විදුහල්පතිවරයා විසින් විරෝධතාවය සදහා එක් වු දරුවන්ගේ පොත් බෑග් සියල්ල කාර්යාලය වෙත ගෙන ගොස් දමා තිබිමත්, දරුවන්ට ලබාදිමට ප්‍රමාද කිරිම හේතුවෙන් දෙමාපියන් හා උණුසුම් තත්වයක් ඇති විමට ගොස් පසුව එය සමතයකට පත් විය.
කාර්ය යාල භුමිය ඉදිකිරිම නතර නොකලොත් ඉදිරියේදි විශාල විරෝධතාවයක් සිදු කරනා බව දෙමාපියන් පවසා සිටියේය.








No comments:

Post a Comment