Saturday, November 7, 2015

මහියංගනය ශ‍්‍රී සුමන සමන්දේවාලයේ අභිනවයෙන් බස්නායක නිලමේ වරයෙක් පත්වෙයි


2015 නොවැම්බර් 06 04.05p.m
මහියංගණය ශ‍්‍රී සුමන සමන් දේවාලයේ අභිනව බස්නායක නිලමේ ලෙස නීතිඥ මහතේකු වන ගයාන් හෂිල හීන්කෙන්ද මහතා පසුගිය (06) දා පැවති නිල තරගයෙන් පත්විය.
ඒමහතා මහනුවර නාථ දේවාලයෙ බස්නායක නිලමේ වරයා වශයෙන්ද කටයුතු කරයි.
ඔහුගේ පියා එම දෙවාලයේම හිටපු බස්නායක නිලමේ ආනන්ද හීන්කෙන්ද මහතාට හිමි ධුර කාලය අවසන්වීම හෙතුවෙන් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කරයාලයේ දී මහනුවර බෞද්ධ කටයුතු පිලිබඳ කොමසාරිස් වරයා වන පරාක‍්‍රම ජයවර්ධන මහතා ඉදිරියේ මෙම රැස්වීම පැවති අතර බදුල්ල කතරගම දේවාලයේ බදුල්ල පත්තිනි දේවාලයේ සහ සොරගුනේ නම් දේවාලයේ බස්නායක නිලමේවරු සුමන සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශිය ලේකම්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

No comments:

Post a Comment