Friday, May 23, 2014

හසලක පෙරපාසැල් දරුවන් 5ක් අපයෝජනය කල පාස්ටර්ට ගැණුන්ගෙන් ගුටි මුරයක් - පාස්ටර් ජුනි 06 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරයි

හසලක පෙරපාසැල් දරුවන් 5ක් අපයෝජනය කල පාස්ටර්ට ගැණුන්ගෙන් ගුටි මුරයක් - පාස්ටර් ජුනි 06 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරයි
2014-05-21 ප.ව. 6:44
හසලක රෝහල පාරේ පවත්වාගෙන ගිය පෙර පාසැලක කුඩා දරුවන් පස් දෙනෙකු එය පවත්වාගෙන ගිය පාස්ටර් වරයා විසින් විවිධ අවස්ථාවන් හා අවස්ථා කිහිපයකදී අපයෝජනය කිරිම සම්බන්දයෙන් දරුවන්ගෙන් ලද තොරතුරු අනුව ඒ සම්බන්දයෙන් දෙමාපියන් විසින් හසලක පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව එම පාස්ටර්වරයා අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනෙවිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ජුනි 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.
හසලක රෝහල පාරේ පවත්වාගෙන ගිය ඇදහිලි වන්ත එකමුතු නම් වන මෙම පෙර පාසැල පවත්වාගෙන ගොස් ඇත්තේ පාස්ටර්වරයෙක් (පුජක) හා ඔහුගේ බිරිද විසින් වන අතර එම පාසලේ අධ්‍යාපනය ලැබු කුඩා දරුවන් හට විවිධ අවස්ථාවන් හිදී අපයෝජනයන් සිදු කර ඇති අතර ඔහුගේ බිරිද විසින් එම අවස්ථාවන විඩියෝගත කන බවට දරුවන විසින් දෙමාපියන් හට දැන්විමෙන් පසු දරුවන්ගේ දෙමාපියන් හසලක නගරයේ නගර වාසින් අවට වෙහෙර විහාරස්ථාන වල හිමිවරු විසින් ඉහත පෙර පාසැල වටලනු ලැබුවා. එහිදී කොපාවිෂ්ඨ වු දෙමාපියන් පාස්ටර්වරයාගේ නිවසේ ජනේල කිහිපයක විදුරුවලට ගල් ගසා කඩා දමනු ලැබුවා. හසලක නගරයේම වෙළෙද ව්‍යාපාරික ස්ථාන වසා දමා කලු කොඩි දමා විරෝධතාවය ප්‍රකාශ කර සිටියා.
දෙමාපියන් හසලක පොලිසිය වෙත සිදු කරන ලද පැමිණිල්ලට අනුව දෙමාපියන් හා පොලිසිය එම පෙර පාසැල නිරික්ෂණය කිරිම සදහා අද(23) උදැසන එහි ගොස් සිටියා.කුඩා දරුවන් මෙවැනි අපයෝජන වලට ලක්කරන මෙවැනි පිරිසට නිතියෙන් නිසි දඩුවම් ලබාදෙන ලෙසත් ප්‍ර දේශයෙන්ම පන්නා දමන ලෙසත් පැමිණ සිටි පිරිස ඉල්ලා සිටියා. මෙම අවස්ථාව සදහා 300-400 පමණ පිරිසක් එක්ව සිටියා. මෙම පුජක වරයා සම්බන්දයෙන් මිට පෙරද මෙවැනි චෝදන හේතුවෙන් පල්ලේවත්ත ප්‍රදේශයෙන් පන්නා දැමු අයෙක් බව ප්‍රදේශ වාසින් පවසනවා.
හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.











No comments:

Post a Comment