Sunday, May 4, 2014

මිය ගිය හෙනානිගල හිටපු ආදී වාසී නායක ආදී වාසි සිරිතට අනුව භුමදානය කෙරිනි - හේනානිගලට නව උපනායකයෙකු සොහොනේදී පත් කෙරේ

මිය ගිය හෙනානිගල හිටපු ආදී වාසී නායක ආදී වාසි සිරිතට අනුව භුමදානය කෙරිනි -  හේනානිගලට නව උපනායකයෙකු සොහොනේදී පත් කෙරේ
5/4/2014 11:32 PM
දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල හිටපු ආදී වාසී නායක හා වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු (වයස114කට වැඩි) ගේ දේහය හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ආත්තන්ගේ  ප්‍රධානත්වයෙන් හා සංවිධානයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරිනි.
දෙහිඅත්තකන්ඩිය මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී 30 දින කළු අප්පු අභාවප්‍රාප්ත විය. දේහය අංක 17, හේනානිගල දකුණ, නවමැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර තිබු අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත්  අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආදාරයෙන් සෑදු පෙට්ටියක දේහය තැම්පත් කර තිබුනි.
බත්හික් පොත්තෙන් සාදන ලද පෙට්ටියක දේහය තැම්පත් කිරිම තුලින් මෘත ශරිරය නරක් නොවී දින 7-8 ක් කල් තබා ගැනීමට හැකි වන අතර ආදිවාසින්  මෘත දේහ කල් තබා ගැනිම සදහා කිසිදු කෘතිම රසායන ද්‍රව්‍යක් බාවිතා නොකරන බවත් හික් ලීයෙන් සාදන ලද පෙට්ටිය පතුලට පාරම්පරික රහස් ඖෂදයක් දමා ඒ මතුපිට දේහය තැන්පත් කිරිම තුලින් එම ඖෂධ වලින් පිටවන ශ්‍රාවයන්ගෙන් දේහය විජලනයට පත් කර දින ගනනාවක් කල් තබා ගැනිමට හැකි බවත් දේහයේ වර්ණය පවා කිසිදු  වෙනසක් සිදුවන බව දඹානේ ආදිවාසී නායක වන්නිල ඇත්තන් ප්‍රකාශ කර සිටි. ආදිවාසි හිටපු නායක කළු අප්පුගේ දේහයද දින 4ක් තබා ගන්නා ලදි.
සුසාන භුමයේදී දඹානේ ආදිවාසී වන්නිලා ඇත්තන් අතින් හේනානිගල සදහා උප නායකයෙකු පත් කල අතර ඔහුට  මිය ගිය තාලාවරිගේ කළු අප්පු ගේ දුණු ඊතල ලබා දි නව පත්වීම සිදු කල අතර ‍මෙසේ නව පත් වීම ලබා ගනු ලැබුවේ  තලාවරි සුදු අප්පු හටයි.
හෙනානිගල වත්මන් නායක තලාවරිගේ ගුණබණ්ඩියාට අවනත වී ආදී වාසී රැහේ උරුමය රැකීමට පොරොන්දු වෙමින් සුදු බණ්ඩියා ආදී වාසී නායකයාගෙන් දෙඅත් මත තම දෙඅත් තබා පොරොන්දු විම සනිටුහන් කළේය.
ප්‍රදේශායේ වෙහෙර විහාරස්ථාන රාශියක මහා සංඝ රත්නය හා රජ්‍ය නිළධාරින් හා දේශපාලන නායකයන්ගේ  නියෝජිතයන් හා ගම්වාසී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු ආදිවාසි චාරිත්‍රානු කුලව ධාරානිපාත වර්ෂාව මධ්‍යෙය් සිදු කෙරිනි.
දරුවන් 10 දෙනකුගේ ( දරුවන් 06ක් හා දියනියන් 04ක් ) පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිපිරියෝ 105 දෙනෙක් දුටහ.
 දඹානේ කන්දෙගන්වල සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ 1982 වසරේදී හෙනානිගලට පැමිණයේ අභාවප්‍රාප්ත මහවැලි ඇමැති ගාමිණි දිසානායක මහතාගේ ගේ ඇරියුමකට අනුවය.
















No comments:

Post a Comment