Thursday, May 1, 2014

ආදී වාසී කළු අප්පුගේ ශතකය හික් පොතු පෙට්ටියෙන් අවසන්

 2014-05-01 ප.ව. 3:07
දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක හා වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු (වයස114කට වැඩි) පෙරේදා සවස (30දින) දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
දේහය අංක 17, හේනානිගල දකුණ, නවමැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර ඇති අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත් අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආදාරයෙන් සෑදු පෙට්ටියක දේහය තැම්පත් කෙරේ.
දරුවන් 10 දෙනකුගේ ( දරුවන් 06ක් හා දියනියන් 04ක් ) පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිපිරියෝ 105 දෙනෙක් දුටහ.
හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ආත්තන්ගේ ප්‍රධානත්වයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරේ.
දඹානේ කන්දෙගන්වල සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ 1982 වසරේදී හෙනානිගලට පැමිණයේ අභාවප්‍රාප්ත මහවැලි ඇමැති ගාමිණි දිසානායක මහතාගේ ගේ ඇරියුමකට අනුවය. දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු මහවැලි ඇමැතිවරයා සමත් විය.












No comments:

Post a Comment