Wednesday, May 21, 2014

පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයට පොලිසියෙන් වෙඩි තබයි.

2014-05-22 ප.ව. 2:00

පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයට පොලිසියෙන් වෙඩි තබයි. සතොස අත්‍යාවශ්‍ය සේවා යැයි සදහන් නාම පුවරුවක්ද සොයාගනි.

පොලිස් අණ නොතකා ධාවනය කල ලොරි රථයට ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් ගිරාදුරුකෝට්ටේ, හෙඹරව, ගින්නෝරුව, 11 ...කණුව ප්‍රදේශයේදි අද (21) අලුයම 2ට පමණ වෙඩි තබා ඇත.
වෙඩි වැදුන ලොරි රථයේ ටයර්වල හුළං ගොස් පාරේ අයිනක නතර වී ඇති අතර ලොරි රථයේ සිටි පුද්ගලයන් පොලිසියෙන් හබා එනු දැක පලාගොස් ඇත.
ලොරි රථය පරික්ෂා කල පොලිස් නිළධාරින් එහි තිබි එකිනෙකට වෙනස් වාහන අංක තහඩු 4ක් සොයා ගෙන ඇති අතර රාජ්‍ය ලාංඡනය සහිත සතොස අත්‍යාවශ්‍ය සේවා යැයි සදහන් නාම පුවරුවක්ද ලොරි රථයේ තිබි සොයාගෙන ඇත.
ලොරි රථය පිටුපස පරික්ෂා කිරිමේදී පිටතට සැක නොසිතන පරිදි ටෙන්ට් රෙදිවලින් ආවරණය කර තිබි ඇති අතර ඒ තුල අත් පා ගැට ගැසු ගවයන් 27ක් ඉති අමානුෂික අන්දමින් සතුන් එකිනෙකා උඩ පටවා සිටියදි සොයා ගෙන ඇත. සි කළාපයේ සිට දිවයානේ ප්‍රධාන නගර වෙත මේ ආකාරයෙන් සැක නොසිතන පරිදි මස් පිනිස ගවයන් ප්‍රවාහනය කරන ජාවාරමක් මේ ආකාරයෙන් අනාවරනය කර ගන්නනට ගිරාදුරුකෝට්ටේ පොලිස් නිළධාරින්ට හැකි වි ඇත. අවට ගම්වාසින්ගේ සහය ඇතිව සියලු ගවයන් නිරුවද්‍රිතව බේරා ගන්නට පොලියට හැකි වී ඇති අතර එක් ගවයෙකුගේ උකුල් ඇටය ප්‍ර දේශයට මුනිස්සමක් ඇතුලු වි තුවාල ලබා ඇත. තුවාල ලැබු ගවයා සදහා ප්‍රතිකාර කිරිම සදහා පශු වෛද්‍යවරයා කැදවා ඇත. සිද්දිය වු ස්ථානය අවට ගම්වාසින් ගවයන් සදහා ආහාර පාන ලබාදිමට ඉදිරිපත් විම කාගේත් පැසසුමට ලක් විය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රමුඛ පොලිස් නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂන සිදු කරන අතර පැන ගිය පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පැවැත්වේ. ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානයේ පො.සැ. 56257 කරුණාරත්න, 44147 කිත්සිරි, පො.කො. 54699 සේනාරත්න, 66439 මාරසිංහ,14647 ගුණවර්ධන, 14512 සම්පත්, 37117 අබේසිංහ, 68937 මංගල යන පොලිස් නිළධාරින් මෙම මෙහෙයුම සදහා සහබාගී වි ඇත.
See More

 





No comments:

Post a Comment