Sunday, May 11, 2014

15 හැවිරිදි දැරිය දුෂණය කල පොලිස් නිළධාරි වරයා අත් අඩංගුවට


15 හැවිරිදි දැරිය දුෂණය කල පොලිස් නිළධාරි වරයා අත් අඩංගුවට
2014-05-11 පෙ.ව. 7:28

15 හැවිරිදි මුල්ලිම් දැරියකගේ අත්තම්මා විසින් මහියංගන පොලිසිය වෙත  ගොනු කරන ලද පැමිනිල්ලකට අනුව 15 හැවිරිදි මුල්ලිම් දැරියක් දුෂණය කල මොණරාගල පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි වයස 28ක විවාහක පොලිස් නිළධාරි වරයෙක් මහියංගන පොලිසිය විසින් 10 දින සවස අත් අඩංගුවට ගෙන ඇත.
රිදිමාලියද්ද දියකොබල ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය 2014-02-15 දින උදැසන ගුරුමඩ විදුහලේ පැවති ක්‍රිඩා උත්සවය නැරබීම සදහා අත්තම්මා හා නැගනිය සමග ගොස් ඇති අතර එහිදී දැරියට ඇතිවු හිසේ කැක්කුමක් හේතුවෙන් නැවතත් නිවසට පැමිණසිටි අවස්ථාවේදි නිවස පිටුපසින් පැමිණි සැකකරු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇත. සැක කරු වෙත ගිනිපෙට්ටිය ලබාදෙන අවස්ථාවේ බලහත්කාරයෙන් දැරියගේ අතින් අල්ලා යාබද ලදු කැලයට ඇදගෙන ගොස් දැරිය දුෂණය කර ඇත.

දැරියගේ පියා ඔහුන් අතහැර ගොස් සිටිම හේතුවෙන් ඇයගේ නැගණිය සමග රිදිමාලියද්ද දියකොබල ප්‍රදේශයේ අත්තම්මාගේ නිවසේ සිට ඇති අතර මව කොළඹ නිවසක දරුවන් ජිවත් කිරිම සදහා මෙහෙකාර රැකියාවක නිරතව සිටි. දැරියගේ අත්තම්මා විසින් 2014-02-10 මහියංගන පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අත් අඩංගුවට පත් සැකකාර පොලිස් නිළධාරිවරයා මහියංගන මහේස්ත්‍රා ත්අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර දැරිය වෛද්‍ය පරික්ෂණ සදහා රෝහල් ගත කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රමසිංහ මහතාගේ   ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

No comments:

Post a Comment