Thursday, May 22, 2014

ඩිසල් ගහන්ඩ ගොස් තරුණයා ජිවිතය නැති කර ගනී

2014-05-21 ප.ව. 8:34
මහියංගන සමුපකාර ඉන්දන පිරවුම් හලේදි ඩිසල් පිරවීමට පැමිණි වහාහන දෙකක් පිටුපසට ගැනිමේදී ඊට මැදිවී වයස 22ක තරුණයෙක් ඊයේ (21) උදැසන ජිවිතක්ෂයට පත් වී ඇත.
ඉන්දන පිරවුම් හලේ තෙල් ලබා ගැනිමට පැමිණි ලොරි රථයක් හා බස් රථයක් පසු පසට ගැනීමේදී, බස් රථයේ පැමිණි තරුණයෙක් බස් රථය පසුපසට ගැනිම සදහා මග පෙන්වා දීමට ඉදිරිපත් වි ඇති අතර බසය පිටු පසට ග...ැනිමේදි ඒ අසල නවතා තිබු ටිපර් රථයක් ද පසුපසට ගැනිම හේතුවෙන් වාහන දෙක එකිනෙක ගැටි ඇති අතර ඊට මැදිවි අවාසනාවන්ත ලෙස එම තරුණයා මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 22 ක් වන ජයසිංහ පට බැදිගේ කසුන් මනෝජ් ප්‍රියංකර, 114/3, දික් ඇන්දයාය, ඌව තිස්සපුර, රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි තරුණයෙකි.
අනතුරට පත් තරුණයා මහියංගන මුලික රෝහලට රැගෙන ගිය අතර ඒ වන විටත් තරුණයා මියගොස් සිට ඇත. සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඩි.ජේ. ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස්.බී. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් විසින් සිදු කරමින් සිටි. සිද්දියට සම්බන්ද බස්රථය හා ලොරි රථය සහ එහි රියදුරන් දෙදෙනා මහිංයගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අති අතර මහියංගන මහේෂ්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:

Post a Comment