Thursday, May 8, 2014

ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක සතියක් තිස්සේ නිධන් හාරමින සිටි පුද්ගලයන් අල්ලන්නන බොදු බළසේනාව මහියංගනයට

 
ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක සතියක් තිස්සේ නිධන් හාරමින සිටි පුද්ගලයන් අල්ලන්නන බොදු බළසේනාව මහියංගනයට

2014-05-08 ප.ව. 9:21
මහියංගන ගිරාදුරුකෝට්ටේ  ගල්පෝරුයාය ප්‍රදේශයේ කබාදම්ම ගල ( රන් කබේ දැම්ම ගල) නම් ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  ස්ථානයක සති කිහිපයක් තිස්සේ නිධන් හාරමින් සිටිනා පිරිසක් ඇල්ලීම සදහා බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිටියන් ප්‍රමුඛ පිරිසක් අද සවස (08) මහියංගනයට පැමිණියා.

දින කිහිපයකට කලින් මේ සම්බන්දයෙන් වගකිවයුතු ඉහලම පොලිස් නිළධාරින් දැනුවත් කලද ඒ සම්බන්දයෙන් ඔහුන් ක්‍රියාත්මක නොවිම හේතුවෙන් මෙම ගමන පැමිණිමට තමන් වහන්සේ ඇතුලු පිරිසට සිදු වු බව උන්වහන්සේ ප්‍රකාශකර සිටියා.

ගල්පෝරුයාය ප්‍රදේශයේ කබාදම්ම ගල වෙත බොදුබලසේනාව ලගාවන විට එම ස්ථානයේ නිධන්හාරමින් සිටි පිරිස පලාගොස් සිටි අතර බොදුබළසේනාව එන බව දැන ඊට ප්‍රථම එම ස්ථානයට ගොස් ගිරාදුරුකෝට්ටේ පොලිස් නිළධාරින් එම ස්ථානයේ තිබු උපකරන කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇත.

සතියකට වඩා මෙම නිධන් ජාවාරම යන්ත්‍ර සුත්‍ර බාවිතා කරමින් ප්‍රදේශයේ  ජනතාව බියවද්දමින් ඉහල පෙලේ නිළධාරින්ගේ සහය ලබාගනිමින් මහියංගනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනෙක් සේවකයන් 15ක් පමණ යොදා ගනිමින් ජයටම සිදු කර ඇති අතර පොලිසියේ (ආරක්ෂක අංශ) සහයක් නොමැතිව මෙවැනි ආකරයට විශාල පරිමාණයෙන් ගල් බොර දමමින් සිදුකිරිමට නොහැකිබව බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥාණසාර හිටියන චෝදනා කරති.

වැඩිදුරටත්  උන්වහන්සේ මෙසේද පැවසිය. අනුර සේනානායක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පසු ගිය දවසක කියලා තියෙනවා බොදු බල සේනා සංවිධානය නිතිය අතට ගන්නවා කියලා.  අපි අහනවා උන්නැහෙගෙන් අපි නිතිය කවදාද අතට ගත්තේ කියලා? මේ සිදුකරන පුරාවස්තු සංහාරය පිළිබද අදාල අංශ කලින්ම දැනුවත්කර තිබියදී මොකක්ද ගත්තපියවර කියලා අපි අහනවා ?? මොකක්ද ඌව දිශාව භාර නියෝ ජ්‍යෙපාලිස්පතිවරයා ගත්තපියවර කියලා. රටට විහිලු සපයන පුද්ගලයෙක් නොවි කරුණාකරලා අපි රට දෑ සමය ‍වෙනුවෙන් ගෙන යන ව්‍යාපාරයට සහය දක්වන්නට උන්නැහේට හා සියලුම පාර්ශවයන්ට සම්මාදිට්ඨිය පහල වෙන්ඩ කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

 


















No comments:

Post a Comment