Saturday, May 10, 2014

කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු පහර කා මියයයි

 කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු පහර කා මියයයි

2014-05-10 ප.ව. 9:16
කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු බදුල්ල බන්ධනාගරයේදි මියයයි - පොලිසිය සිදුකල පහරදීම හේතුවෙන් පුද්ගලයා මිය ගිය බවට තින්දු වෙයි

බදුල්ල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) දින සිදු කල අතර එහිදි තිරණය කෙරු...නේ පහර දීමක් හේතුවෙන් මෙම මරණය සිදුවු බවයි.

ඒ අනුව මෙම සිද්දියට සම්බන්ද කන්දකැටිය පොලිසියේ නිළධාරින් අධිකරණයට ඉදිරිපත් කර බන්දනාගාර ගත කරන ලෙසත්, බන්දනාගාර ගත කර සිටින අනෙක් අත් අඩංගුවට ගත් පුද්ගලයන් හතර දෙනා වෛද්‍ය පරික්ෂණ සදහා රෝහල් ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ෂනි සිල්වා මෙනෙවිය විසින් නියෝග කර ඇත.
කන්දකැටිය පොලිසිය විසින් පසුගිය 07 දින රාත්‍රිෙය්දි අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14ක් දක්වා බදුල්ල බන්දනාගාර ගත කර සිටියදී රෝගී වී ඊයේ (09) උදැසන රෝගී වි බදුල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.
කන්දකැටිය පොලිසිය වෙත 119 අංකයට ලද තොරතුරක් මත මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්‍රදේශයේ නිධානයක් හැරු බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනාගෙන් මෙසේ එක් අයෙක් මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ පෙරුමහේවා සදුන් මාලිංග (18) නම් පුද්ගලයෙක් වන අතර කොස්මෝ පාර්ම්, අකුරුකඩුව, මීගහකිවුල යන ලිපිනයේ පදිංචි අයෙකි.
පවුලේ ඥාතින් පවසන්නේ පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකල පහරදීමකින් මොහු මිය ගිය බවය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත් මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ පරික්ණ පැවැත්විනි.
See More







No comments:

Post a Comment