Monday, March 9, 2015

හසලක ගාමිණි සමරයි


2015 මාර්තු මස 09 14:28:57 |
   
 
1991 වසරේ අලිමංකඩ යුද හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ  බුල්ඩෝසරයට පැන එය පුපුරුවා කඳවුර බේරාගත් හසලක ගාමිණි රණවිරුවා සැමරීමේ  රාජ්‍ය උත්සවය අද (09)කොළඹ හත විද්‍යා මාවතේ පිහිටි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ආරක්ෂක රාජ්‍ය  අමාත්‍ය රුවන්  විජයවර්ධන මහතා හසලක ගාමිණි රණවිරුවාගේ මෑණියන් වන වයි ජී ජුලියට් මහත්මියට මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.
මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා  සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එහි වුහ.






පාසැල් 05කට එපා වු විදුහල් පති අපිටත් එපා - දෙමාපියන් දරුවන් පාරේ විරෝධතාවයක

 2015-03-09 පෙ.ව. 12:10
පාසැල් 05කට එපා වු විදුහල් පති අපිටත් එපා යැයි පවසමින් දුෂණ වංචා රැසකට සම්බන්ද නව විදුහල්පති වහාම මාරුකර දි හිටපු විදුහල්පති නැවත ලබා දෙන ලෙස ඉල්ලා මිනිපේ හදගනාව මහා විද්‍යාලයේ පාසැල් දරුවන් හා දෙමාපියන් මහියංගන රංදෙනිගල මාර්ගයේ අද (2015-03-09) උදැසන 7.00 සිට හරස් කරමින් විරෝදතාවයක නිරත විය. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයකට අඩාල විය.
පසුගිය සිකුරාදා සිට මිනිපේ හදගනාව මහා විද්‍යාලයට අනුයක්ත කර අති නව විදුහල් පතිවරයා වහාම ඉවත් කරන දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත් වුහ. ඒ සදහා විද්‍යාලයේ සියලු සිසු සිසුවියන් එක්ව සිටි අතර දරුවනේගේ දෙමාපියන් රාශියක්ද මෙම විරෝධතාවයට එක් වුහ.
සිද්ධිය වු ස්ථානයට හසලක පොලිස්ථානයේ නිළධාරින් පැමිණ තත්වය සමතයකට පත් කිරිමට කටයුතු කල අතර හසලක කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නිළධාරිවරයෙක් දුරකථකයෙන් කථා කර ගෙන්වා ගත් අතර විරෝදතාවයේ යෙදි සිටි දෙමාපියන් සමග සාකච්චා කිරිමෙන් පසු නව විදුහල් පති නැවත ඉවත් කර පෙර විදුහල් පති විද්‍යාලයට ලබාදිමට එකගතාව සහ පොරොන්දුව ලබාදිමෙන් පසු විරෝධතාය අවසන් විය.



සමුපකාර ඉන්දන පිරවුම්හලේ මුදල් සේප්පුව රෑ හොරු උස්සලා

 2015-03-09 පෙ.ව. 11:10
සිමා සහිත හසලක විවිධ සේවා සමුප කාර සමිතිය මගින් පවත්වාගෙන යන හසලක ඉන්දන පිරවුම්හලේ මුදල් සේප්පුව මුදල්ද සහිතව ඊයේ (2015-03-08) රාත්‍රි සොරකම් කර ඇත. රාත්‍රි මුර සේවයේ යෙදි සිටි මුර කරු සිටියදි මෙම සොරකම සිදු වි ඇත.
මේ වන විට සේප්පුවේ තිබෙන්නට අති මුදල් ප්‍රමාණය පිළිබද එකි කළමණාකාරිත්වය සොයා බලමින් යන අතර හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන්කුමාරසේකර මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ පවත්වති. පොලිස් සුනඛයන් යොදවා ස්ථානිය පරික්ෂණ සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් සැක කරුවන් කඩිනමින් අත් අඩංගුවට ගත හැකි වනු ඇති බවට හසලක පොලිස් නිළධාරින් පවසති.
ඉන්දන පිරවුම්හල පිටුපස අනාරක්ෂිත බිම් කොටස උපයෝගි කර ගනිමින් මෙම සොරකම සිදු කර ඇති අතර එම බිම් තිරය නගරයේ විවිධ දුරාචාරයේ යෙදෙන්නන්ගේ තෝතැන්නක් පවට පත් වි ඇති බවත් වග කිවයුතු නිළධාරින්ගේ මැදිහත් වන්නේනම් ඊට පිටුපස ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ සුරක්ෂිත තාවයටද ඉවහල් වන බව ප්‍ර දේශවාසින් පවසති.


Wednesday, March 4, 2015

හොරකමට වඩා නින්ද ලොකුවෙයි - හොරකමේ පැමිණි හොරා කඩේ නිදාගෙන සිටියදි පොලිසිය අතටම මාට්ටු

2015-03-04 පෙ.ව. 10:48

මහියංගණ පූජා නගරයේ කඩයකට අලුයම් කාලයේ ඇතුළුවූ සොරකු කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පුටුවක වාඩිවී සිටියදී නින්ද ගොස් ඇතැයිද කඩේ හිමිකාරිය පසුදින උදේ කඩය අරින විටත් ඔහුට හොදටම නින්ද ගොස් සියේය.කඩ හිමියා හා අවට කඩහිමියන් මහියංගන පොලිසිය වෙත දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඔහු අත් අඩංගුවට ගන්නා තුරුම සොරාට නින්ද ගොස් ඇත.  

ලිලාවති සේනාරත්න, අමිල ස්ටෝස්, අංක 11 , නව වෙළෙද සංකිර්ණය, පුජානගරය, මහියංගනය යන ලිපිනයේ වු වෙළෙද සැල මෙසේ පෙරේදා රාත්‍රි (03) සොරෙකු විසින් දොරවල් කඩා භාණ්ඩ සොරා ගැනිම සදහා ඇතුළු වි ඇත.

මේ ආකාරයෙන් අවස්ථා බොහොමයකදි මහියංගනය,පුජානගරයේ වෙළෙද සැල් රාත්‍රි සොරුන් විසින් කඩා ඇති අතර, මෙවර පොලිස් අත් අඩංගුවට ගත් පුද්ගලයාද සොරකම් සම්බන්දයෙන් කිහිප වරක් අධිකරණය මගින් දඩුවම් නියම කල පුද්ගලයෙක් වේ.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය පරික්ෂණ පවත්වති.






Monday, March 2, 2015

දුප්පත්ම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ගොවියන්ට කුඩම්මාගේ සැලකිලි - ගොවියන් පාරට බසි

2015-03-02 ප.ව. 12:35
බිත්තර වි සල්ලි මහියංගනයට දුන්නා.... අපිට නොදුනේ ඇයි? කියමින් රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ ගොවි සමිති සහ ගොවියන් සදහා බිත්තර වී සදහා පසුගිය රජයෙන් ලබාදුන් මුදල් ලබා නොදිම සම්බන්දයෙන් සිය විරෝධතාවය ප්‍රකාශ කරමින් මහියංගන පදියතලාව මාර්ගය හරස් කරමින් 49 කණුව ප්‍ර දේශයේදි අද (02) උදැසන 10.30 සිට විරෝධතාවයක නිරත විය. ඒසදහා 200ක් පමණ පිරිසක් එක් වි සිටියේය.
ලංකාවේ දුප්පත්ම ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවලින් එකක් වන රිදිමාලියද්දට මෙවැනි කුඩම්මාගේ සැලකිලි සිදු කිරිමෙන් තවදුරටත් සිදුවන්නේ පහලම ස්ථානයේ සැමදා රැදිසිටිමට සිදු වන බව ගොවි ජනතාවගේ ප්‍රකාශයන් වල සදහන් වු අතර මෙවැනි කෙනෙහිලි කම් නැති කර ගොවිජනතාවට සහන සලසාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මහියංගන පදියතලාව මාර්ගය අවහිර කරමින් පැය කිහිපයක් පැවති විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වු අතර මහියංගන පොලිස් නිළධාරින් විශාල පිරිසක් විරෝධතාවය පැවති ප්‍රදේශය සදහා පැමිණ සිටියේය.
මහියංගන ආසන එක්සත්ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහතා එම ස්ථානයට පැමිණි අතර විරෝධතාවයේ යෙදි සිටි ගොවිජනතාව සමග සාකච්චා කර සතියක් ඇතුලත බිත්තර වි සදහා ගෙවිමට නියමිත මුදල් නියමිත පරිදි ගෙවිමට කටයුතු සලසා දෙන බව පොරොන්දු වු අතර ඒ සමගම ගොවිජනතාව අත්පුඩි ගසමින් සිය සතුට ප්‍රකාශ කරමින් විසිර ගියේය. එසේ විසිර යමින් ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේ සතියක් ඇතුලත මුදල් නොලැබුනහොත් මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කරන බවයි.



පොලිසියට කුණු බිත්තර ගැසු 6ක් අත් අඩංගුවට

පොලිසියට කුණු බිත්තර ගැසු 6ක් අත් අඩංගුවට
2015-03-02 ප.ව. 2:43
මහියංගන පදියතලා මාර්ගයේ වේවත්ත පැවති මහජන උද්ගෝෂණයකදි මහියංගන පොලිස් නිළධාරින් හට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කල සිද්දිය සම්බන්දයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ (01) සවස සිදු කල විශේෂ පොලිස් මෙහෙයුමකින් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දඹාන වේවත්ත ප්‍ර දේශයේ තලාවේ ගම්මානයේ මාර්ගය පිලිසතර කටයුතු ප්‍රමිතියෙන් තොරව සිදුවන බව පවසමින් ඊට විරෝධය පා ඉකුත් 25 වනදා එම ගම්වැසි ජනතාව මහියංගන පදියතලා මාර්ගයේ වේවත්ත හමන්සන්දියේදි මාර්ගය අවහිර කරමින් උද්ගෝෂණය නිරත විය.
මෙහිදි මාර්ගයේ අවහිරතාවය ඉවත් කිරිමට පොලිසිය කටයුතු කිරිමේදි දෙපිරිස අතර උණුසුම් තත්වයක් උද්ගත වු අතර උද්ගෝෂණයේ යෙදි සිටි පිරිසට පොලිසි විසින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කල අතර එමගින් පිරිකේ කිහිප දෙනෙකු තුවාල සිදුවිමෙන් රෝහල් ගතවන්ය සුදු විය. එම අවස්ථාවේ ප්‍ර කෝපයට පත් ගම්වාසින්ගෙන් අයෙකු පොලිසිය වෙත කුණු බත්තර ප්‍රහාරයක් එල්ල කල බව පොලිසිය පවසති.
අයුතු ජන රාශිය හා පොලිසියට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදන යටතේ අත් අඩංගුවට ගත් සැක කරුවන් ඊයේ (01) සවස මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් වරයා වෙත යට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 12 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස් නිළධාරින් විසින් සිද්ධිය සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ සිදු කෙරේ.

Wednesday, February 25, 2015

මහියංගන පොලිසියට කුණු බිත්තර ප්‍රහාරයක් - ගම්මු දෙකකට තුවාල



 මහියංගන පොලිසියට කුණු බිත්තර ප්‍රහාරයක් - ගම්මු දෙකකට තුවාල
 2015-02-25 ප.ව. 2:16

මහවැලි අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරගෙන යන රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ තලාවේගම ගම්මානයේ මාර්ගයේ අඩුපාඩු රැසක් පවතින වබ ත්  ඒවා පෙන්නාදුන් ගම්වාසින්ට විරුද්ධව  මාර්ගයේ කොන්ත්‍රාත්කරු විසින් තමන්ට ගම්වාසින් තර්ජනය කල බව පවසමින්  මහියංගන පොලිසියේ පැමිණිලි කර ඇති බවත් පවසමින් ඊට විරෝධය දක්වමින් හා තම ගම්මානයේ මාර්ගය විධිමත් ආකාරයෙන් සකසා දෙන ලෙස ඉල්ලා තලාවේගම ගම්මානයේ ගම්වාසින් 150ක් පමණ මහියංගන පදියතලා මාර්ගය අවහිර කරමින් අද (25) උදැසන 11.00ට පමණ විරෝධතාවයක නිරති විය. මහියංගන පොලිසිය මැදිහත් වි මාර්ගය අවහිර කරල විරෝධතා කරුවන් ඉවත් කිරිමට යෑමේදි දෙපිරිස අතර බහන් බස්විමක් ඇති වි තත්වය උණුසුම් මුහුණුවරකට පෙරලුන අතර පොලිසියේ බැටන් පොලු ප්‍රහාරයෙන් කාන්තාවක් හා ගම්වාසියෙකු තුවල සිදු විය. මහියංගන ප්‍රා දේශීය සභා එක්සත් ජනතා නිදහස් සංධානයේ උප සභාපති ඒච් එම් ප්‍රේමසුන්ල් මහතා මැදිහත්ව පොලිස් ප්‍රහාරයන්ට විරෝධය දැක්විමත් සමග ප්‍රහාරයන් අඩාල වු අතර ඒ අතරතුර ප්‍ර කෝපයට පත් ගම්වාසින් පොලිසිය වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය. තුවාල ලැබු එක් පුද්ගලයෙකු පදියතලා මුලික රෝහල වෙත ප්‍රතිකාර ලැබිම සදහා ඇතුලත් වි ඇත.
තලාවේ ගම්මානයේ මාර්ගය සම්බන්දයෙන් පසුගිය දා මධ්‍ය මගින් ( හිරු රතු මිනිත්තුව) අණාවරණය කිරිමෙන් පසු මහවැලි අධිකාරියේ නිළධාරින් කණ්ඩායමක් පැමිණ මාර්ගයේ ඉදිකිරිම් අධීක්ෂණය කල අතර ඒවයෙහි අඩුපාඩු නොමැති බව ගම්වාසින් හට පවසා ඇත. ඇස්පනාපිට අඩුපාඩු පෙනෙන්නට තිබියදි කොන්ත්‍රාත් කරුගේ වාසිය සදහා නිළධාරින් කටයුතු කිරිම තුලින් තමන්ගේ ගම්මානයේ මාර්ගයද මෙම වසරේද විධිමත් ලෙස ඉදිකර ගැනිමට නොහැකි වි ඇති බව ගම්වාසින් චෝදන කරති. මහජන මුදල් නිළධාරින් කොන්ත්‍රාත් කරුන් සමග එක්ව ගසාකන නිළධාරින් සම්බන්දයෙන් වහාම විධිමත් පරික්ෂණයක් පවත්න ලෙස ඉල්ලා සිටි.
මහියංගන පොලිසියේ ස්ථානාධිලපති තුමන් මැදිහත්ව මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරු දුරුකථනයෙන් සම්බන්ද කර දුන් අතර  සිද්දිව සම්බන්දයෙන් ස්ථානිය පරික්ෂණයක් සදහා අද දින සවස තලාවේ ගම්මානයට පැමිනෙන බව පොරොන්දු විමත් සමග විරෝධතාවය අවසන් කර ගමනාගමනය සදහා මහියංගන පදියතලා මාර්ගය විවෘත කෙරිනි.

 මහියංගන පාදියතලා මාර්ගයේ 59 කණුව (වේවත්ත මන්සංදිය ) වේවත්ත ගම්මානයේ සිට මොරාන දක්වා වු මාර්ගයේ මඩාරාගොඩේ සිට ටැංගොල්ල දක්වා වු මාර්ගයේ කොටසේ කිලෝ මිටර් 3ක කොටසක් මේ වන විට මහවැලි අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදු නොකිරිම හේතුවෙන් මාර්ගයේ පැවැත්ම මාස කිහිපයකට සිමාවනු ඇතැයි  තලාවේගම ගම්වාසින් චෝදනා කරති.
මාර්ගයේ අලුතින් ඉදිකරන බොක්කු සියල්ල ප්‍රමිතියෙන් තොර බවත් බෝක්කු කටින් පිටවිය යුතු වතුර කොන්ක්‍රිට් නොයොදා සැදිම හේතුවෙන් බෝක්කු යටින් ජල කාන්දු සිදු වන බවත් අඩි 3 බෝක්කු වෙනුවට අඩි 1.5 බොක්කු යොදා ඇති නිසා ප්‍රමාණවත් වතුර පිටවිමට නොහැකිව වර්ශා සමයට බොක්කු හා පාරද සෝදාගෙන යන බවත්, බොක්කුවල පරතරය අඩි12ක් විය යුතු අතර සමහර බෝක්කු පළල අඩි 10.5ක් බවත් මාර්ගයට යොදිය යුතු පස් ගිරල් පස් වන අතර මේ වන විට අතුරා ඇත්තේ වෙනත් පස් නිසා වර්ෂාවෙන් ඉදිරියේදි මාර්ගයේ කිසිසේත්ම ගමන් කිරිමට නොහැකි වන ඇති බවට ගම්වාසින් චෝදන කරති.
හිටපු වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම මාර්ගයේ කිලෝමිටර් 5ක්  ප්‍රතිසංස්කරණයට  මුලින් මුදල් වෙන් කර ඇති අතර (ලක්ෂ 60ක්) නිළධාරින් විසින් එය කිලෝමිටර් 03ක් දක්වා අඩු කර ඇත්තේ මාර්ගය හොද ප්‍රමිතියකින් සාදා දෙන බවට ගම්වාසින් හට පොරොන්දු විමෙනි.
මේ වන විට මාර්ගයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මකව පැවතියත් ඒවාහි ප්‍රමිතිය බින්දුවටම පහල මට්ටමටම සිදුවන බවත් ජනතා මුදල් නිකරුනේ නාස්ති වන බවත් මේ ආකාරයෙන්ම අවස්ථා කිහිපයකදි මාර්ගය ප්‍රතිසංස් කරණය කර ඇති බවත් ඒ සියලු අවස්ථාවන් හිදි මේ ආකාරයේ වංචාවන් සිදු වු නිසා මේ වනතුරු ගම්මානයේ මාර්ගය වාහන යා නොහැකි ඉතා දුෂ්කර මාර්ගයක් බවට පත්ව ඇති නිසා මේ අවස්ථාවේ හෝ බළධාරින්ගේ මැදිහත් විමෙන් නිසි අධීක්ෂණයෙන් යුතුව විධිමත් ආකාරයෙන් මාර්ගය සකසා දෙන ලෙස ගම්වාසින් ඉල්ලා සිටි.
වේවත්ත සිට තළාවේ ගම්මානය දක්වා කිලෝමිටර් 7ක මාර්ගයක් ඇති අතර ගමනාගමනය සදහා උදැසන කිරි ගෙන යෑම සදහා පැමිනෙන ලොරි රථය හා ගම්මානයේ ව්‍යාපාරිකයෙකුගේ කුඩා පරිමානයේ ලොරි රථයක් පමණක් ඇත. මෙම වාහන ක්‍රියාත්මක නොවන විට රුපියල් 500ක් ගෙවා ත්‍රිෙරා්ද රථයක් ආධාරයෙන් ගම්වාසින්ගේ ගමනගමන සිදු කිරිමට සිදුවේ. භාන්ඩ ප්‍රවාහනය සදහා ගොන් බැදි කරත්ත ගම්වාසින් බාවිතා කර අතර මාර්ගය නිසි අයුරින් සකසා දි ගම්මානයේ ප්‍රවාහන පහසුකම වැඩිදියුණු කර දි ජනතාවට පිහිටක් වන ලෙස අදාල වගකිවවුතු පාර්ශයන් හි පිහිට පතයි. මාර්ගයේ දැනට සිදු කර අති දෝෂ නිවැරදි කර දෙන ලෙස අදාල කොන්ත්‍රාත් කරුවනට බාරදෙන ලෙස ගම්වාසින් යොජනා කරන අතර මෙම කොන්ත්‍රාත් කරුවන් නිසි ප්‍රමිතියට බෝක්කු ඉදිකිරිම් සිදු නොරන්නේනම් ගම්මානයේ ගම්වාසින්ට මෙම කාර්ය පවරාදෙන ලෙසත් ඔහුන් ඉල්ලා සිටි. එවිට අධික්ෂණයක් යටතේ විශ්වාසවන්තව නිසි ප්‍රමිතියෙන් ගම්වාසින් සියල්ල එක්ව ගම්මානයේ මාර්ගය සාදා ගැනිමට හැකි බන බව ගම්වාසින් කියා සිටි.





Sunday, February 22, 2015

18 වංගුව මාර්ගය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කරමින්

2015 පෙබරවාරි මස 22 පස්වරු 2.24 

18 වංගුව මාර්ගය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කරමින්


Saturday, February 21, 2015

ඌව මහ ඇමැති ඉවත් කොට හරීන් ප්‍රනාන්දු පත් කිරීමට එරෙහි පෙත්සමේ හරීන්ගේ පාර්ශ්වයේ මූලික විරෝධතාව මතු කරයි

ඌව මහ ඇමැති ඉවත් කොට හරීන් ප්‍රනාන්දු පත් කිරීමට එරෙහි පෙත්සමේ හරීන්ගේ පාර්ශ්වයේ මූලික විරෝධතාව මතු කරයි
තීරණය මාර්තු 2 වැනිදා
ඌව පළාත් සභාවේ මහා ඇමැතිව සිටි ශෂේJද්‍ර රාජපක්‍ෂ මහතා ඉවත් කොට විපක්‍ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එරෙහිව රාජපක්‍ෂ මහතා ගොනු කළ පෙත්සමට හරීන් ප්‍රනාන්දුගේ පාර්ශ්වයෙන් ඊයේ (20 වැනිදා) මූලික විරෝධයක්‌ මතු කළේය.
පෙත්සමේ අඩුපාඩු කිහිපයක්‌ ඇති බව කියා සිටිමින් හරීන් ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩිව කියා සිටියේ එම දුර්වල තත්ත්වය මත පෙත්සම විභාගයට නියම කරන්නේවත් නැතිව අහක දැමිය යුතු බවය.
අනතුරුව මූලික විරෝධයට පක්‍ෂව සහ විපක්‍ෂව දෙපාර්ශ්වයේ ම නීතිඥවරු දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණුවලට සවන් දීමෙන් ඒ පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය ලබන මාර්තු මස 02 දාට කල් තැබුවේය.
අභියාචනාධිකරණයේ සභාපති විජිත් ආර්¾ මලල්ගොඩ සහ එච්. සී. ඡේ. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බලන ලදී. පෙත්සමට ප්‍රථමයෙන් මූලික විරෝධයක්‌ මතු කළේ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතායි.
ඌව පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් ශෂීJද්‍ර රාජපක්‍ෂ මහතා ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ බව පෙත්සමේ සඳහන් කර තිබෙන නමුත් ඒ පත්වීමේ ලිපියේ සහතික පිටපතක්‌ පෙත්සම සමඟ අමුණා උසාවියට ඉදිරිපත් කර නැතැයි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පැවැසීය.
පත්වීමක්‌ zරිට්‌Z ආඥාවකින් අවලංගු කරන්නැයි ඉල්ලා සිටින විට පත්වීමක්‌ කර ඇති බව දැන ගැනීමට පත්වීම් ලිපියේ පිටපතක්‌ පෙත්සම සමඟ අමුණා උසාවියට ඉදිරිපත් කළ යුතු බව කී ජනාධිපති නීතිඥ පෙරේරා මහතා ඒ ලිපිය ලබා ගැනීමට නොහැකි වුණා නම් පෙත්සමේ ඒ බව සහ ලිපිය ලැබුණු වහාම උසාවියට ඉදිරිපත් කරන බව පෙත්සමේ සඳහන් කළ යුතු බවත් ඒ අවශ්‍යතාවයන් පෙත්සම්කරු වන ශෂීJද්‍ර රාජපක්‍ෂ සපුරා නැතැයි ද රොනල්ඩ් පෙරේරා මහතා කීය. ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කර උසාවියට කැඳවා පෙත්සම ගැන සම්පූර්ණ විග්‍රහයක්‌ පවත්වන්නේ නැතිව පෙත්සම මුල් අවස්‌ථාවේදී ම ප්‍රතික්‍ෂේප කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
පෙත්සම්කරු වන ශෂීJද්‍ර රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා ඊට පිළිතුරු ලෙස මෙසේ පැවැසීය.
ඔහු පෙත්සමෙන් අභියෝග කරන්නේ හරීන්ගේ පත්වීම නොව ඔහු මහ ඇමැති ලෙස පත් කිරීමට ආණ්‌ඩුකාරවරයා ගත් තීරණයයි. ඒ ගත් තීරණය ආණ්‌ඩුකාරවරයා විසින් රාජපක්‍ෂ මහතාට ලිතව දන්වා එවා ඇති ඒ ලිපියේ පිටපතක්‌ උසාවියට ඉදිරිපත් කර ඇති බැවින් හරීන් ප්‍රනාන්දුÊමහතා මහ ඇමැති පත්වීමක්‌ ලැබූ බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැතැයි ද ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා දැඩිව කියා සිටියේය.
ශෂීJද්‍ර රාජපක්‍ෂ මහතා තනතුරෙන් ඉවත් කොට හරීන් ප්‍රනාන්දුÊමහතා එම තනතුරට පත් කළ බව දැනුම් දෙමින් ගැසට්‌ නිවේදනයක්‌ ද නිකුත් කර ඇත.
පළාත් සභාවක්‌ මහ ඇමැතිවරයා පත් කිරීම හා තනතුරෙන් ඉවත් කළ යුතු ආකාරය පළාත් සභා 145(5) වගන්තියේ පැහැදිලිව දක්‌වා තියෙනවා.
අධිනීතිඥ සුරේJද්‍ර ප්‍රනාන්දු, චන්දිම මැන්දිස්‌ යන මහත්වරු ද වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහ.
රජයේ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දේමති ද සිල්වා මහත්මිය නීතිපති හා ඌව පළාත් ආණ්‌ඩුකාරවරයා වෙනුවෙන් පෙනී සිටි නමුත් ඇය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පක්‍ෂයෙන් උපදෙස්‌ ලැබී නැති බවයි.
බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් රණවක යන මහත්වරු ගොනු කළ පෙත්සම් 02 ක්‌ මාර්තු= මස 02 දා යළි කැඳවීමට නියම කෙරිණි.

Friday, February 20, 2015

ඌව පළාත් සභා නඩුව

2015 පෙබරවාරි මස 20 17:56:38 

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මහ ඇමැති ධුරයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට සහභාගී වීමට ඒ දෙදෙනාම අද උසාවියට ආහ.

වැස්ස නොමැතිවත් පාරට විශාල ගල් පෙරලි 18 වංගුව පාරේ ගමන නවති - කන්ද පහල නිවාස 9කට අවදානම්

2015-02-20 පෙ.ව. 9:13

මහියංගන මහනුවර ඒ 26 මාර්ගයේ 18 වංගුයට ඉහලින් 35 කණුව ප්‍රදේශයේ ඊයේ (19) රාත්‍රි (10.30ට පමණ) විශාල ගල් රාශියක් පෙරලිමෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත. විකල්ප මාර්ගයක් ලෙස රංදෙනිගල රජමාවත බාවිතා කරන ලෙස උඩදුම්බර පොලිසිය දැනුම් දෙයි. උදැසන රැකියා සදහා යැමට පැමිනි විශාල පිරිසක් අපහසුතා රැසකට මුහුණ දිමට සිදු විය. පෙරලි ඇති කලු ගල් වල විශාලත්වය වැඩි විම හේතුවෙන් මාර්ගය යතා තත්වයට පත් කිරිම සදහා දින කිහිපයක් ගතවනු ඇතැයි මාර්ග සංවර්ධන නිළධාරින් පවසති
18 වංගුයට ඉහලින් 35 කණුව ප්‍ර දේශයේ තොරන්බැන්ද ගල කන්දේ විශාල කලුගල් මෙලෙස මාර්ගයට පෙරලි ඇත. මේ හේතුවෙන් උඩදුම්බර ඔයතැන්න ග්‍රාම නිළධාරි වසමේ ආදාවල නම් ගම්මානයේ නිවාස නවයක (09) ගමවාසින් අවදානම් තත්වයට පත් ව ඇත. දිර්ඝ කාලයක සිට ඔහුන් මේ අවදානම් තත්වයට පත් සිටින බව ගම්වාසින් පවසති. වර්ෂා කාලයේදි තම නිවාස වලට ඉහලින් ඇති මාර්ගයේ විශාල ගල් පෙරලිමේ අවදානම හේතුවෙන් වර්ශා සමයට නිවාස වලින් තමන් ඉවත්ව සිටින බව ගම්වාසින් පවසන අතර මේ වන විට වර්ශාව නොමැතිවත් ගල් පෙරලිමෙන් තමන් මහත් අසිරුතත්වයකට පත්ව සිටින බව ගම්වාසින් පවසති.




මේ දැන් පාරට ගල් පෙරලි 18 වංගුව පාරේ ගමන නවති (2015-02-19 ප.ව. 10.30)


2015-02-19 ප.ව. 11:21
මහියංගන මහනුවර මාර්ගයේ 18 වංගුයට ඉහලින් 35 ප්‍ර දේශයේ මේ වන විට (2015-02-19 ප.ව. 10.30ට පමණ) විශාල ගලක් පෙරලිමෙන් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇත. මෙම මාර්ගය බාවිතා කරන අයට රංදෙනිගල රජමාවත විකල්ප මාර්ගයක් ලෙස බාවිතා කරන ලෙස උඩදුම්බර පොලිසිය දැනුම් දෙයි


මහවැලියෙන් හදන පාරේ අඩුපාඩු / හොරවැඩ ගොඩයිලු - පාර මාස ගගනක් වත් තියෙයිද දන්නේ නෑ කියා ගම්මුන්ගේ චෝදනා

 2015-02-16 ප.ව. 2:03
මහියංගන පාදියතලා මාර්ගයේ 59 කණුව (වේවත්ත මන්සංදිය ) වේවත්ත ගම්මානයේ සිට මොරාන දක්වා වු මාර්ගයේ මඩාරාගොඩේ සිට ටැංගොල්ල දක්වා වු මාර්ගයේ කොටසේ කිලෝ මිටර් 3ක කොටසක් මේ වන විට මහවැලි අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරන බවත් ඒ ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදු නොකිරිම හේතුවෙන් මාර්ගයේ පැවැත්ම මාස කිහිපයකට සිමාවනු ඇතැයි තලාවේගම ගම්වාසින් චෝදනා කරති.
මාර්ගයේ අලුතින් ඉදිකරන බොක්කු සියල්ල ප්‍රමිතියෙන් තොර බවත් බෝක්කු කටින් පිටවිය යුතු වතුර කොන්ක්‍රිට් නොයොදා සැදිම හේතුවෙන් බෝක්කු යටින් ජල කාන්දු සිදු වන බවත් අඩි 3 බෝක්කු වෙනුවට අඩි 1.5 බොක්කු යොදා ඇති නිසා ප්‍රමාණවත් වතුර පිටවිමට නොහැකිව වර්ශා සමයට බොක්කු හා පාරද සෝදාගෙන යන බවත්, බොක්කුවල පරතරය අඩි12ක් විය යුතු අතර සමහර බෝක්කු පළල අඩි 10.5ක් බවත්, මාර්ගයට යොදිය යුතු පස් ගිරල් පස් වන අතර මේ වන විට අතුරා ඇත්තේ වෙනත් පස් නිසා වර්ෂාවෙන් ඉදිරියේදි මාර්ගයේ කිසිසේත්ම ගමන් කිරිමට නොහැකි වන ඇති බවට ගම්වාසින් චෝදන කරති.
හිටපු වාරිමාර්ග අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම මාර්ගයේ කිලෝමිටර් 5ක් ප්‍රතිසංස්කරණයට මුලින් මුදල් වෙන් කර ඇති අතර (ලක්ෂ 60ක්) නිළධාරින් විසින් එය කිලෝමිටර් 03ක් දක්වා අඩු කර ඇත්තේ මාර්ගය හොද ප්‍රමිතියකින් සාදා දෙන බවට ගම්වාසින් හට පොරොන්දු විමෙනි.
මේ වන විට මාර්ගයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මකව පැවතියත් ඒවාහි ප්‍රමිතිය බින්දුවටම පහල මට්ටමටම සිදුවන බවත් ජනතා මුදල් නිකරුනේ නාස්ති වන බවත්, මේ ආකාරයෙන්ම අවස්ථා කිහිපයකදි මාර්ගය ප්‍රතිසංස් කරණය කර ඇති බවත් ඒ සියලු අවස්ථාවන් හිදි මේ ආකාරයේ වංචාවන් සිදු වු නිසා මේ වනතුරු ගම්මානයේ මාර්ගය වාහන යා නොහැකි ඉතා දුෂ්කර මාර්ගයක් බවට පත්ව ඇති නිසා මේ අවස්ථාවේ හෝ බළධාරින්ගේ මැදිහත් විමෙන් නිසි අධීක්ෂණයෙන් යුතුව විධිමත් ආකාරයෙන් මාර්ගය සකසා දෙන ලෙස ගම්වාසින් ඉල්ලා සිටි.
වේවත්ත සිට තළාවේ ගම්මානය දක්වා කිලෝමිටර් 7ක මාර්ගයක් ඇති අතර ගමනාගමනය සදහා උදැසන කිරි ගෙන යෑම සදහා පැමිනෙන ලොරි රථය හා ගම්මානයේ ව්‍යාපාරිකයෙකුගේ කුඩා පරිමානයේ ලොරි රථයක් පමණක් ඇත. මෙම වාහන ක්‍රියාත්මක නොවන විට රුපියල් 500ක් ගෙවා ත්‍රිෙරා්ද රථයක් ආධාරයෙන් ගම්වාසින්ගේ ගමනගමන සිදු කිරිමට සිදුවේ. භාන්ඩ ප්‍රවාහනය සදහා ගොන් බැදි කරත්ත ගම්වාසින් බාවිතා කර අතර මාර්ගය නිසි අයුරින් සකසා දි ගම්මානයේ ප්‍රවාහන පහසුකම වැඩිදියුණු කර දි ජනතාවට පිහිටක් වන ලෙස අදාල වගකිවවුතු පාර්ශයන් හි පිහිට පතයි. මාර්ගයේ දැනට සිදු කර අති දෝෂ නිවැරදි කර දෙන ලෙස අදාල කොන්ත්‍රාත් කරුවනට බාරදෙන ලෙස ගම්වාසින් යොජනා කරන අතර මෙම කොන්ත්‍රාත් කරුවන් නිසි ප්‍රමිතියට බෝක්කු ඉදිකිරිම් සිදු නොරන්නේනම් ගම්මානයේ ගම්වාසින්ට මෙම කාර්ය පවරාදෙන ලෙසත් ඔහුන් ඉල්ලා සිටි. එවිට අධික්ෂණයක් යටතේ විශ්වාසවන්තව නිසි ප්‍රමිතියෙන් ගම්වාසින් සියල්ල එක්ව ගම්මානයේ මාර්ගය සාදා ගැනිමට හැකි බන බව ගම්වාසින් කියා සිටි.