Monday, March 9, 2015

පාසැල් 05කට එපා වු විදුහල් පති අපිටත් එපා - දෙමාපියන් දරුවන් පාරේ විරෝධතාවයක

 2015-03-09 පෙ.ව. 12:10
පාසැල් 05කට එපා වු විදුහල් පති අපිටත් එපා යැයි පවසමින් දුෂණ වංචා රැසකට සම්බන්ද නව විදුහල්පති වහාම මාරුකර දි හිටපු විදුහල්පති නැවත ලබා දෙන ලෙස ඉල්ලා මිනිපේ හදගනාව මහා විද්‍යාලයේ පාසැල් දරුවන් හා දෙමාපියන් මහියංගන රංදෙනිගල මාර්ගයේ අද (2015-03-09) උදැසන 7.00 සිට හරස් කරමින් විරෝදතාවයක නිරත විය. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයකට අඩාල විය.
පසුගිය සිකුරාදා සිට මිනිපේ හදගනාව මහා විද්‍යාලයට අනුයක්ත කර අති නව විදුහල් පතිවරයා වහාම ඉවත් කරන දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය පැවැත් වුහ. ඒ සදහා විද්‍යාලයේ සියලු සිසු සිසුවියන් එක්ව සිටි අතර දරුවනේගේ දෙමාපියන් රාශියක්ද මෙම විරෝධතාවයට එක් වුහ.
සිද්ධිය වු ස්ථානයට හසලක පොලිස්ථානයේ නිළධාරින් පැමිණ තත්වය සමතයකට පත් කිරිමට කටයුතු කල අතර හසලක කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නිළධාරිවරයෙක් දුරකථකයෙන් කථා කර ගෙන්වා ගත් අතර විරෝදතාවයේ යෙදි සිටි දෙමාපියන් සමග සාකච්චා කිරිමෙන් පසු නව විදුහල් පති නැවත ඉවත් කර පෙර විදුහල් පති විද්‍යාලයට ලබාදිමට එකගතාව සහ පොරොන්දුව ලබාදිමෙන් පසු විරෝධතාය අවසන් විය.



No comments:

Post a Comment