Monday, March 9, 2015

සමුපකාර ඉන්දන පිරවුම්හලේ මුදල් සේප්පුව රෑ හොරු උස්සලා

 2015-03-09 පෙ.ව. 11:10
සිමා සහිත හසලක විවිධ සේවා සමුප කාර සමිතිය මගින් පවත්වාගෙන යන හසලක ඉන්දන පිරවුම්හලේ මුදල් සේප්පුව මුදල්ද සහිතව ඊයේ (2015-03-08) රාත්‍රි සොරකම් කර ඇත. රාත්‍රි මුර සේවයේ යෙදි සිටි මුර කරු සිටියදි මෙම සොරකම සිදු වි ඇත.
මේ වන විට සේප්පුවේ තිබෙන්නට අති මුදල් ප්‍රමාණය පිළිබද එකි කළමණාකාරිත්වය සොයා බලමින් යන අතර හසලක පොලිසියේ ස්ථානාධිපති රුවන්කුමාරසේකර මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ පවත්වති. පොලිස් සුනඛයන් යොදවා ස්ථානිය පරික්ෂණ සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් සැක කරුවන් කඩිනමින් අත් අඩංගුවට ගත හැකි වනු ඇති බවට හසලක පොලිස් නිළධාරින් පවසති.
ඉන්දන පිරවුම්හල පිටුපස අනාරක්ෂිත බිම් කොටස උපයෝගි කර ගනිමින් මෙම සොරකම සිදු කර ඇති අතර එම බිම් තිරය නගරයේ විවිධ දුරාචාරයේ යෙදෙන්නන්ගේ තෝතැන්නක් පවට පත් වි ඇති බවත් වග කිවයුතු නිළධාරින්ගේ මැදිහත් වන්නේනම් ඊට පිටුපස ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ සුරක්ෂිත තාවයටද ඉවහල් වන බව ප්‍ර දේශවාසින් පවසති.


No comments:

Post a Comment