Monday, March 2, 2015

දුප්පත්ම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ගොවියන්ට කුඩම්මාගේ සැලකිලි - ගොවියන් පාරට බසි

2015-03-02 ප.ව. 12:35
බිත්තර වි සල්ලි මහියංගනයට දුන්නා.... අපිට නොදුනේ ඇයි? කියමින් රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ ගොවි සමිති සහ ගොවියන් සදහා බිත්තර වී සදහා පසුගිය රජයෙන් ලබාදුන් මුදල් ලබා නොදිම සම්බන්දයෙන් සිය විරෝධතාවය ප්‍රකාශ කරමින් මහියංගන පදියතලාව මාර්ගය හරස් කරමින් 49 කණුව ප්‍ර දේශයේදි අද (02) උදැසන 10.30 සිට විරෝධතාවයක නිරත විය. ඒසදහා 200ක් පමණ පිරිසක් එක් වි සිටියේය.
ලංකාවේ දුප්පත්ම ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවලින් එකක් වන රිදිමාලියද්දට මෙවැනි කුඩම්මාගේ සැලකිලි සිදු කිරිමෙන් තවදුරටත් සිදුවන්නේ පහලම ස්ථානයේ සැමදා රැදිසිටිමට සිදු වන බව ගොවි ජනතාවගේ ප්‍රකාශයන් වල සදහන් වු අතර මෙවැනි කෙනෙහිලි කම් නැති කර ගොවිජනතාවට සහන සලසාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මහියංගන පදියතලාව මාර්ගය අවහිර කරමින් පැය කිහිපයක් පැවති විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වු අතර මහියංගන පොලිස් නිළධාරින් විශාල පිරිසක් විරෝධතාවය පැවති ප්‍රදේශය සදහා පැමිණ සිටියේය.
මහියංගන ආසන එක්සත්ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහතා එම ස්ථානයට පැමිණි අතර විරෝධතාවයේ යෙදි සිටි ගොවිජනතාව සමග සාකච්චා කර සතියක් ඇතුලත බිත්තර වි සදහා ගෙවිමට නියමිත මුදල් නියමිත පරිදි ගෙවිමට කටයුතු සලසා දෙන බව පොරොන්දු වු අතර ඒ සමගම ගොවිජනතාව අත්පුඩි ගසමින් සිය සතුට ප්‍රකාශ කරමින් විසිර ගියේය. එසේ විසිර යමින් ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේ සතියක් ඇතුලත මුදල් නොලැබුනහොත් මෙවැනිම විරෝධතාවයක් සංවිධානය කරන බවයි.



No comments:

Post a Comment