Wednesday, March 4, 2015

හොරකමට වඩා නින්ද ලොකුවෙයි - හොරකමේ පැමිණි හොරා කඩේ නිදාගෙන සිටියදි පොලිසිය අතටම මාට්ටු

2015-03-04 පෙ.ව. 10:48

මහියංගණ පූජා නගරයේ කඩයකට අලුයම් කාලයේ ඇතුළුවූ සොරකු කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පුටුවක වාඩිවී සිටියදී නින්ද ගොස් ඇතැයිද කඩේ හිමිකාරිය පසුදින උදේ කඩය අරින විටත් ඔහුට හොදටම නින්ද ගොස් සියේය.කඩ හිමියා හා අවට කඩහිමියන් මහියංගන පොලිසිය වෙත දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඔහු අත් අඩංගුවට ගන්නා තුරුම සොරාට නින්ද ගොස් ඇත.  

ලිලාවති සේනාරත්න, අමිල ස්ටෝස්, අංක 11 , නව වෙළෙද සංකිර්ණය, පුජානගරය, මහියංගනය යන ලිපිනයේ වු වෙළෙද සැල මෙසේ පෙරේදා රාත්‍රි (03) සොරෙකු විසින් දොරවල් කඩා භාණ්ඩ සොරා ගැනිම සදහා ඇතුළු වි ඇත.

මේ ආකාරයෙන් අවස්ථා බොහොමයකදි මහියංගනය,පුජානගරයේ වෙළෙද සැල් රාත්‍රි සොරුන් විසින් කඩා ඇති අතර, මෙවර පොලිස් අත් අඩංගුවට ගත් පුද්ගලයාද සොරකම් සම්බන්දයෙන් කිහිප වරක් අධිකරණය මගින් දඩුවම් නියම කල පුද්ගලයෙක් වේ.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය පරික්ෂණ පවත්වති.






No comments:

Post a Comment