Monday, March 2, 2015

පොලිසියට කුණු බිත්තර ගැසු 6ක් අත් අඩංගුවට

පොලිසියට කුණු බිත්තර ගැසු 6ක් අත් අඩංගුවට
2015-03-02 ප.ව. 2:43
මහියංගන පදියතලා මාර්ගයේ වේවත්ත පැවති මහජන උද්ගෝෂණයකදි මහියංගන පොලිස් නිළධාරින් හට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කල සිද්දිය සම්බන්දයෙන් සැකකරුවන් හය දෙනෙකු ඊයේ (01) සවස සිදු කල විශේෂ පොලිස් මෙහෙයුමකින් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දඹාන වේවත්ත ප්‍ර දේශයේ තලාවේ ගම්මානයේ මාර්ගය පිලිසතර කටයුතු ප්‍රමිතියෙන් තොරව සිදුවන බව පවසමින් ඊට විරෝධය පා ඉකුත් 25 වනදා එම ගම්වැසි ජනතාව මහියංගන පදියතලා මාර්ගයේ වේවත්ත හමන්සන්දියේදි මාර්ගය අවහිර කරමින් උද්ගෝෂණය නිරත විය.
මෙහිදි මාර්ගයේ අවහිරතාවය ඉවත් කිරිමට පොලිසිය කටයුතු කිරිමේදි දෙපිරිස අතර උණුසුම් තත්වයක් උද්ගත වු අතර උද්ගෝෂණයේ යෙදි සිටි පිරිසට පොලිසි විසින් බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කල අතර එමගින් පිරිකේ කිහිප දෙනෙකු තුවාල සිදුවිමෙන් රෝහල් ගතවන්ය සුදු විය. එම අවස්ථාවේ ප්‍ර කෝපයට පත් ගම්වාසින්ගෙන් අයෙකු පොලිසිය වෙත කුණු බත්තර ප්‍රහාරයක් එල්ල කල බව පොලිසිය පවසති.
අයුතු ජන රාශිය හා පොලිසියට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදන යටතේ අත් අඩංගුවට ගත් සැක කරුවන් ඊයේ (01) සවස මහියංගන වැඩබලන මහේස්ත්‍රාත් වරයා වෙත යට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 12 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස් නිළධාරින් විසින් සිද්ධිය සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ සිදු කෙරේ.

No comments:

Post a Comment