Monday, November 3, 2014

සැලසුම් අධ්‍යක්ෂක පොලිසි යයි - රිදිමාලියද්ද උප සභාපති ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂකට බැන තර්ජනය කර ලිපිගොනුවක් ඉරාදමලා

සැලසුම් අධ්‍යක්ෂක පොලිසි යයි - රිදිමාලියද්ද උප සභාපති ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂකට බැන තර්ජනය කර ලිපිගොනුවක් ඉරාදමලා

රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ උප සභාපති වරයා අද (03) දහවල් රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරියට බැන තර්ජනය කර ලිපි ගොනුවක්ද ඉරා පොළවේ ගැසුවේ යැයි මහියංගන පොලිසියට සැලසුම් අධ්‍යක්ෂකවරිය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර අති බවට මහියංගන පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.
ව්‍යපෘතිවල ගිවිසුම්  සම්බන්දයෙන් පැවති අඩුපාඩු හේතුවෙන් ඒවා නිවැරදි කර නැවත ඉදිරිපත් කරන ලෙස දන්වා සිටි විට උප සභාපතිවරයා සැලසුම් අධ්‍යක්ෂකවරියට කාර්යාල භුමියේ අශෝබන ලෙස බැනවැදි එම ව්‍යාපෘති ගිවිසුම්  ඉරා විසිකර දමා ඇත. දේශපාලන නායකයන් කාර්යාලයට පැමිණ රාජ්‍ය සේවකයන්   හැල්ලුවට හා අපහසුතාවයට පත්වන අන්දමේ බැනතර්ජනයනය කර සිය රාජකාරියට බාදාකිරිම සම්බන්දයෙන් රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරිය විසින් මහියංගන පොලිසියේ උප සභාපතිවරයාට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්දයෙන් රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ උප සභාපති වරයාගෙන් දුරකථනයෙන් කරුණු විමසිමේදි ඔහු ප්‍රකාශ කර සිටියේ බැන තර්ජනය නොකල අතර තමා හරහා ගොවිසංවිධානයක් විසින්  ගමකුඹුර උතුර වසමේ බහුකාර්ය ගොඩනැගිල්ල සදහා වු ව්‍යාපෘතියේ ගිවිසුම තිබියදි වෙනත් ගොවි සංවිධානයක ගිවිසුමක් මෙම ව්‍යපෘතියට ඇතුලත් කර ඇති බවත් ඒ හේතුව නිසා පරණ ගිවිසුම ඔහුන් ඉදිරියේ තමා විසින් ඉරා විසිකර දැමු බවත් එය පිළිගන්නා බවත්  ප්‍රකාශ කර සිටි අතර බැන වැදි තර්ජනය නොකල බව ප්‍රකාශ කර සිටියේය.

No comments:

Post a Comment