Thursday, November 13, 2014

එකම සතියක් තුල සර්ප දෂ්ඨකර ඇතුලත් කල රෝගි 4දෙනාම මියගිහින්

එකම සතියක් තුල සර්ප දෂ්ඨකර ඇතුලත් කල රෝගි 4දෙනාම මියගිහින් 
2014-11-13 පෙ.ව. 11:29

මහියංගන රෝහල සදහා සර්ප දෂ්ඨ කිරිම් හේතුවෙන් ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලැබු රෝගින් හතර දෙනාම මියගොස් ඇති අතර එකම සතියක් ඇතුලත මෙම සිදු විම සිදු වි ඇති අතර ඒ හේතුවෙන් සැකය හට ගන්නේ සර්ප විෂ සදහා එන්නත් කල ඇන්ටි වෙනම් සීරම් නැමති ප‍්‍රති විෂ එන්නතේ ප්‍රමිතිය පිළිබදවයි.
මෙලෙස මියගිය රෝගින් හතර දෙනාම රෝහල් ගත කර ඇත්තේ පොළොං දෂ්ට කිරිම් නිසා වන අතර එක් අයෙකු හැර අනික් තිදෙනාම තමන්ට දෂ්ටකල සර්පයා මරා හදුනාගැනිම සදහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර අනෙක් තැනැත්තාද කියා තිබුනේ දෂ්ට කල සර්පයා පොළගෙකු බව තමන් ස්ථිරවම හදුනාගත් බවය.
ඉහත සර්ප දෂ්ටන හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල ගතකල රෝගින් හතර දෙනාම මියගොස් ඇත්තේ මෙම මස මුල් සතිය ඇතුළතදිය.
පදියතව කෙහෙල්උල්ල පදිංචි 65 වියැති ඒ.එම් සුදුබණ්ඩා සර්ප දෂ්ට කිරිම හේතුවෙන් මුලින්ම පදියතලාව රෝහලටද එතැනින් මහියංගන රෝහලවෙත වැඩිදුර ප්‍රතිකාර සදහා මාරු කිරිමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ දින 4ක් ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. ඌරණිය ගඩුගුඩාව පදිංචි 46 හැවිරිදි ආර් එම් කුමාරිහාමි මහත්මියද පොළොන් දෂ්ට කිරිම හෝතුවෙන් මහියංගන රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. මාපාකඩවැව පදිංචි 34 වියැති ආර් එම් සුමිත්‍රා නැමැති අයද කුඹුරේදි පොළොන් දෂ්ට කිරිමකට ලක් වි මහියංගන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. විල්ගමුව ටොප්පලපිටිය පදිංචි 44 වියැති ඒ ජි ධර්මකුමාර නැමැති අය පොළොන් දෂ්ට කිරිමකට ලක් වි හදුන්ගමුව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මහියංගන රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
මියගිය රෝගින්ගේ පව්ලේ ඥාතින් ප්‍රකාශ කරන පරිදි මහියංගන රෝහලේ විශේඥ වෛද්‍ය වරු ඇතුලු සියලු වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය මෙම රෝගින්ගේ ජිවිත බේරාගැනිම සදහා විශාල පරිශ්‍රමයක් දැරු බවත් එසේ තිබියදි රෝගින් මිය ගිය බවයි. එසේම රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිදු අතපසුවිමක් පිළිබද මේ වනතුරු එම මරණයන් සම්බන්දයෙන් නොලැබි ඇති අතර සර්ප දෂ්ටයට පෙර ඔහුන් නිරෝගි සුවයෙන් පසු වු බව රෝගින්ගේ පව්ලේ ඥාතින් ප්‍රකාශ කරති.
රෝගින් හතර දෙනා සදහා සර්ප විෂ සදහා එන්නත් කරන ඇන්ටි වෙනම් සීරම් නැමති ප‍්‍රති විෂ එන්නත ලබා දි ඇති අතර ඔහුන්ගේ ජිවිත බේරාගැනිමට නොහැකිව තිබේ. ඒ අනුව සැමගේ සැකය එල්ලවන්නේ ප්‍රතිකාර සදහා ලබාදුන් එන්නත සම්බන්දවයි.

ඒ අනුව මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණ්ඩාර මහතා මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුවයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ එන්නත පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

මේ අතර සර්ප විෂට ලබාදෙන මෙම ප‍්‍රතිවිෂ එන්නත සම්බන්ධයෙන් ගැටලූ පවතින බව තමන්ටද වාර්තාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළා. මේ නිසා එන්නතේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස තම සංගමයේ සියලූම ශාඛා වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සදහන් කලේය.

No comments:

Post a Comment