Wednesday, November 12, 2014

මහියංගණය රෝහල පරීක්ෂණයක් ඉල්ලයි.

මහියංගණය රෝහල පරීක්ෂණයක් ඉල්ලයි. 
2014-11-12 පෙ.ව. 11:29

සර්ප දෂ්ඨ කිරීම්වලට ලක්වන රෝගීන්ට ලබාදෙන  ඒ වී එස් හෙවත් ඇන්ටි වෙනම් සීරම් නැමති ප‍්‍රති විෂ එන්නතේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම එන්නත ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන්. 

මේ සම්බන්ධයෙන්  කරුණු අනාවරණය වුණේ මහියංගණය රෝහලේ අධ්‍යක්‍ෂවරයා  මෙම එන්නත පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකළ දැනුම්දීමක් පිළිබඳ සොයාබැලීමේදියි. සර්පයින් දෂ්ඨ කිරීම හේතුවෙන් පසුගිය මාස 2 තුළ මහියංගණය රෝහලට ඇතුලත් කල රෝගීන් 4 දෙනෙකු මෙම එන්නත ලබාදීමෙන් පසුව මියගොස් තිබුණා. සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදුවන මරණ සංඛ්‍යාව සියයට 3 ක පමණ අවම අගයක් ගන්නා නිසා වෛද්‍යවරුන් සැක කරන්නේ එන්නතේ ක‍්‍රියාකාරීත්වයේ ඇති ගැටළුවක් නිසා රෝගී ජීවිත හානිවන බවටයි.

ඒ අනුව මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෙනරත් බණ්ඩාර මහතා මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුවයි සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ එන්නත පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

මේ අතර සර්ප විෂට ලබාදෙන මෙම ප‍්‍රතිවිෂ එන්නත සම්බන්ධයෙන් ගැටලූ පවතින බව තමන්ටද වාර්තාවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළා. මේ නිසා එන්නතේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස තම සංගමයේ සියලූම ශාඛා වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සදහන් කලේ.

 


No comments:

Post a Comment