Tuesday, November 4, 2014

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආදිවාසි නායක වන්නිලා ඇත්තන් හමුවට

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආදිවාසි නායක වන්නිලා ඇත්තන් හමුවට
2014-11-04 ප.ව. 4:05
මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා ඊයේ (04) දහවල් ආදිවාසි නායක විශ්වකිර්ති වනස්පති වන්නිලා ඇත්තන් හමුවිමට දඹාන කොටබකිනිය ආදිවාසි ගම්මානයට පැමිනියේය. හමුවි දෙදෙනා සතුටු සාමිචියේ යෙදුනි.
රැන්කින් මහතා ආදිවාසි නායකතුමන්ගෙන්, ආදිවාසි ජන ජිවිතය හා ගැටලු සම්බන්දයෙන් කරුණු විමසා සිටි අතර ආදිවාසි නායකතුමන් ප්‍රකාශකර සිටියේ ඔහුන්ගේ විශ්ව විද්‍යාලය වනය (කැළය) බවත් ඔහුන්ගේ දරුවන් තම සංස්කෘතිය පිළිබද සියල්ල ඉගෙන ගනු ලබන්නේ එයින් බවත්, නමුත් වනය මේවන විට රක්ක්ෂිත කැළයක් බැවින් ඔහුනට යානොහැකි ස්ථානයක් බවට මේ වන විට පත් වි ඇති බව ප්‍රකාශ කර සිටියේය.
කොමසාරිස්වරයා විසින් ආදිවාසිනායකතුමන් හට තැගි බෝග පිළිගැන්වු අතර ආදිවාසි නායකතුමන් විසින් කොමසාරිස්වරයා හට සෙත් පතා කිරිකොරහා ශාන්ති කර්මයක් පැවැත්විය. එසේම මහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතාගේ පැමිණිම සිහිවිම පිණිස අශෝක හා නා යන වෘක්ෂයන්ගේ පැළ රෝපණයක්ද සිදු කෙරිනි. පසුව ආදාවාසි නායකතුමන් විසින් ආදිවාසි රසවත් ආහාර වේලක් කොමසාරිස්වරයා වෙත සුදානම් කර තිබු අතර ඒ සදහා කුරක්කන් රොටි හා මිපැණි සේම බෙලිමල් පානයෙන්ද සංග්‍රහ කෙරුනි.











No comments:

Post a Comment