Monday, November 10, 2014

අහසට වෙඩි තබා පොලිස් නිළධාරින් බේරෙයි


පොලිස් කැබ් රථයට අලි ප්‍රහාරයක් - අහසට වෙඩි තබා පොලිස් නිළධාරින් බේරෙයි

2014-11-10 ප.ව. 1:10
රාත්‍රියේ මුර සංචාරයේ යෙදුන ගිරාදුරුකෝට්ටේ පොලිසියේ කැබ්රථයකට ඊයේ (09) රාත්‍රි වන අලි ප්‍රහාරයකට ලක්විමෙන් රථයේ ඉදිරිපස විදුරුව සම්පුර්ඛයෙන්ම බිදිගොස් රථයේ ගමන් ගත් පොලිස් නිළධාරියෙකු තුවාල ලබා ඇත.
සුපුරුදු ලෙස රාත්‍රි මුර සංචාරයේ යෙදුන පොලිස් කැබ් රථය මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ගිරාදුරුකෝට්ටේ ගින්නෝරුව ප්‍ර දේශයේ සයිමන් බොක්කුව අසලදි රාත්‍රි 10 පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ල වි ඇත. කැලෑ මණ්ඩියක් දෙසින් දිව ආ වන අලියෙකු මාර්ගයේ ගමන් කරමින් තිබු කැබ් රථයට පැන හොඩවැලෙන් පහර දි ඇති අතර ඉදිරිපස ගාත් බොනට්ටුව උඩ තබාද පහර දි ඇත. ඒ වන විය රථය තුළ පොලිස් නිළධාරින් පස්දෙනෙකු සිට ඇත. පොලිස් නිලධාරීහු වහාම ක්‍රියාත්මකවී අහසට වෙඩි තබා කෑගසා අලියා පන්නා දමා තිබේ. කුඩා විදුරු කැබලි වැදි එක් පොලිස් නිළධාරියෙකු සිරිම් තුවල ලබා ඇත.
ගිරාදුරුකෝට්ටේ හා මහියංගන අවට ගම්මාන රැසක  ජනතාව කාලයක් තිස්සේ මෙම වන අලි ගැටලු හා පිඩාවන් හේතුවෙන් නිරන්තර ගැටලු වලට මුහුණ දෙන අතර පොලිස් නිළධාරින් අතැතිව තුවක්කු තිබිම හේතුවෙන් අලි පන්නා ජිවිත ආරක්ෂා කර ගන්නට සමත් වු අතර ආයුද නොමැති සිවිල් ජනතාවගේ ජිවිත සැමදා මේ ආකාරයෙන් අනතුරේ දමා වගකිවයුතු නිළධාරින් හා දේශපාලන අධිකාරිය මුනිවත රකිමින් සිටි.

අනපේක්ෂිත වන අලි ප්‍රහාරටට ලක්වූ පොලිස් කැබ් රිය බදුල්ල 3-සහකාර පොලිස් අධිකාරී උජිත් එන්.පී.ලියනගේ මහතා හා ස්ථානාධිපති පො.ප.මොහාන් ද සිල්වා යන නිලධාරීහු පරීක්ෂා කරන අයුරු ඡායා රූපයේ දැක්වේ.

No comments:

Post a Comment