Wednesday, November 12, 2014

නංගිලා මල්ල්ලාට අත්වැලක් දිමට අයියලා අක්කලාගේ විද්‍යා ප්‍රදර්ශනය

නංගිලා මල්ල්ලාට අත්වැලක් දිමට අයියලා අක්කලාගේ විද්‍යා ප්‍රදර්ශනය
2014-11-12 පෙ.ව. 11:29

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින මහියංගන අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් දරු දැරියන් වෙනුවෙන් මහියංගන ජාතික පාසලේ උසස් පෙළ විද්‍යා විශය හදරන සිසු සිසුවියන් හා ගුරුමඩුල්ල එක්ක විද්‍යා ප්‍රායෝගික පරික්ෂණ හා ආදර්ශන ඇතුලත් විද්‍යා ප්‍රදර්ශනයක් නොවැම්බර් 12-13-14 වන දින වල සංවිධානය කර ප්‍රර්ශනය කෙරේ.
මහියංගන ජාතික පාසලේ නව විදුහල්පතිනිය වන ජේ ඒ චන්ද්‍රාති මහත්මිය හා විද්‍යා අංශයේ චන්ද්‍රෙස්කර මොරටුවගේ හා එල් ඒ ආර් විමලරත්න යන ගුරුවරුන්ගේ පුර්ණ කැපකිරම මෙම ප්‍රදර්ශනය සදහා ලබා දි තිබුනි.
මෙවර අපොස සාමාණ්‍ය පෙළ විභාගයේ විද්‍යා විශයේ විෂය නිර්දේශයට අදාල සියලුම පරික්ෂණ  සිදුකර ප්‍රායෝගිකව සිදු කරමින් අත් විදිමින් ඉගෙන ගැනිමට මෙම ප්‍රදර්ශනයේදි අවස්ථාව සලසා දි තිබේ. එයින් මෙවර විභාග ඉලක්ක සාර්ථකව ලගා කර ගැනිමට අවශ්‍ය විෂය සමගාමි ප්‍රායෝගික ක්‍රියාකාරම් සියල්ල දැක බලා ගෙන ඉගෙන ගැනිමට අවස්තාව ලැබි ඇතැයි වෙනත් පාසැල් වලින් ප්‍රදර්ශනය දැක බලා ගැනිම සදහා පැමිණෙන දරු දැරියන් පවසති.



No comments:

Post a Comment