Sunday, November 9, 2014

රටේ වි මෝල් වහල යකඩ වලට විකුණන්න වෙලා තියෙන්නේ

Hiru 9.30 news - 2014-11-09 
රටේ වි මෝල් වහල යකඩ වලට විකුණන්න වෙලා තියෙන්නේ - මෙදා පාර අය වැයෙන් සහන නෑ - ව්‍යාපාර සියල්ල කඩාවැටිලා 

රටේ විමෝල් හිමියන්හට මේ වන විට තම විමෝල් යකඩ සදහා විකිණීමට සිදු ඇතැයිද මෙවර අය වැය මගින්ද ඔහුන් සහනයක් බලාපොරොත්තුව සිටියද එය නොලැබුන බවත් මාධ්‍ය හමුවක් කැදවමින් මිනිපේ එක්සත් විමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක මහතා අද (08) මිනිපේ දි ප්‍රකාශ කර සිටියා.
සුලු හා මධ්‍ය පරිමානයේ වි මෝල් හිමියන්හට මේ වන විට උග්‍ර ගැටලුවකට මුහුණ දි ඇතැයි ඔහුන් ප්‍රකාශ කරන අතර මිනිපේ යෝද ඇල ව්‍යාපාරය 1945 සිට පියර 1,2,3,4 ලෙස සංවර්ධනය වන වි ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන හා විශාලතම ගොවිජනපදය වන මිනිපේ ගොවිජනපදයේ මේ වන විට ප්‍රධාන නිෂ්පදනය ලෙස වි නිෂ්පාදනය කරන බවත් එම නිෂ්පදන මිළදි ගැනිම හා සහල් බවට පත් කරන විමෝල් 148ට අධික ප්‍රමාණයක් මිනිපේ ජනපදය තුළ ඇති පව ප්‍රකාශ කර සිටියේය. ඒ සියලු වි මෝල් හිමියන් සේම රටේම වි මෝල් හිමියන් මේ ආකාරයෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අපහසුබාවයට පත්ව ඇති බව ප්‍රකාශ කර සිටි.

No comments:

Post a Comment