Friday, November 7, 2014

මහියංගන ප්‍රා දේශීය සභාව කොට උඩ

මහියංගන ප්‍රා දේශීය සභාව මගින් මහියංගන නගරයේ කසල එක්රැස්කිරිම සදහා භාවිතා කරන උපකරණ හා කරත්ත දිර්ඝකාලයක් තිස්සේ අලුත්වැඩියා නොකිරිම හේතුවෙන් සේවකයන් විශාල අසිරුතාවයකට පත්ව සිටි. ඒ බව සනාත කර ගත හැකි කදිම ඡායාරෑපයක් ලබාගැනිමට අපහට හැකි විනි.
වසර ගනනාවක් තිස්සේ මහියංගන නගරයේ කසල එක්රැස්කරන සේවක මහතුන් විසින් භාවිතයට ගන්නා උපකරණ හා කරත්ත දිරාගොස් අබැලි තත්වයට පත්ව ඇත්තේ ඒවා නිසිලෙස මහියංගන ප්‍රා දේශීය සභාව මගින් නිසියාකාරව නඩත්තු නොකිරිම නිසාවෙනි. මේ හේතුව නිසා එම සේවකයන් මහත් සේ අපහසුතාවයට පත්ව ඇති අතර කරත්ත නිසිපරිදි නොමැති කම හේතුවෙන් නගරයේ පිරිසිදු කමද දිනෙන් දින පහල වැටෙමින් පවති.


No comments:

Post a Comment