Tuesday, April 7, 2015

මිනිපේ සිසුවෙක් සුනාමි යන්ත්‍රයට මැදිවි මියයි

 2015 අපේ‍්‍රල් මස 07
මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 ක පාසල් දරුවකු ‍‍‍‍ඊයේ (06) දහවල් 11ට පමණ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මිනිපේ වේරගන්තොට, නුවරගෙදර පදිංචි ඒ.ජී.නාමල් මධුෂංක ජයවීර නමැති එම දරුවා කුඹුරු වැඩවල නිරතව සිටි පිරිස අතර සිටියදී දරුවා හිස හා උරහිස මත දමා සිටි රෙදි කඩ සුනාමි යන්ත්‍රය හා ට්‍රැක්ටරය සම්බන්ද කරන යකඩ කරකැවෙන ලිවරයෙහි එතිම හේතුවෙන් දරුවා යන්ත්‍රය වෙත ඇදි ගොස් එම යන්ත්‍රයට හසුවී ඇති අතර හිසට සිදු වු බරපතල තුවාල හේතුවෙන් මිය ගිය අතර ඔහු මිනිපේ මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ සිසුවෙකි.










No comments:

Post a Comment