Tuesday, April 21, 2015

දානෙ ගෙදර අල හොද්දට වැටි අව්රුදු 2ක දරුවෙකු මියයි


2015-04-21 ප.ව. 3:09
වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු දෙමාපියන් සමග ඥාති නිවසක පැවති පුණ්‍යකර්මයක් සදහා සහබාගි වි සිටියදි මුලුතැන් ගේ පිළියෙල කර තිබු උණුසුම් අල හොද්දක් සහිත බාජනයකට වැටි මියගිය සිදු විමක් වාර්තා වේ.
ගිරාදුරුකෝට්ටේ, මිගහහේන අංක 131 යන නිවසේ විසු විරසුරිය ආරච්චිලාගේ වෙනුල නිශාන් ඒකනායක නම් වන මෙම මිය ගිය දරුවා සහ දෙමාපියන් ඔහුන්ගේ ඥාතින් වෙසෙන මිනිපේ, පාලමහන්දිය ප්‍රදේශයේ පැවති පුණ්‍යකර්මයක් සදහා සහබාගි සිට ඇත්තේ පසුගිය 07 දින වන අතර දරුවාට ආහාර කැවිම සදහා දරුවා සමග ආහාර බෙදාගැනිමට මුලුතැන් ගෙට ගොස් ඇති අතර මව බිම තිබු ආහාර බදුන් වලින් ආහාර බෙදා ගන්නා අතර තුර දරුවා මවට පිටුපසින් සිට ඇත. එසේ සිටි දරුවා පය පැකිලි බිම තිබු ලිපෙන් බාන ලද උණුසුම් අල හොද්දක් සහිත බදුනකට වැටි ඇත.
කඩිනමින් දරුවා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත් ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙනිය ළමා රෝහල වෙත ඇතුලත් කර ඇත. එහිදි දැරුවා වාට්ටු අංක 04හි ප්‍රතිකාර ලබා ඇති අතර දැඩි සත් කාර ඒකයේද සිටිමින් ප්‍රතිකාර ලබා ඇත. එසේ සිටි දරුවා පසුගිය 19 දින සවස අවාසනා වන්ත ආකාරයෙන් මිය ගොස් ඇත. දරුවාගේ මව ගර්භනි කාන්තාවකි.
සිද්දිය සම්බන්දයෙන් පේරාදෙනිය රෝහල් පොලිසිය දෙමාපියන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

No comments:

Post a Comment