Tuesday, April 21, 2015

පිං පඩිය සමග තැපැල් කන්තෝරුවෙන් අවුරුද්දට තෑගි මල්ලක් - ආදර්ශමත් තරුණ පිරිසකගේ වැඩිහිටි සත්කාරයක්


2015-04-09 පෙ.ව. 7:22
මහියංගන පුජානගරයේ උප තැපැල් කාර්යාලයෙන් මාසිකව පිං පඩි ලබාගැනිම සදහා පැමිනෙණ දසසිල් මාතාවන් හා වයෝවෘද්ධ වැඩිහිටියන් 150කට අධික පිරිසක් සදහා සිංහල දමිල අලුත් අවුරුද්ද සදහා වියලි ආහාර සලාක මල්ලක් තිළිණ කිරිමට මහියංගන නගරයේ හා පුජානගරයේ තරුණ ව්‍යාපාරිකයන් පිරිසක් පෙරේදා (08) උදේ කටයුතු කරනු ලැබිය‍.
වැඩිහිටියන් සදහා ආගමික වතාවත් සිදු කරමින් වැඩසටහන ආරම්භ කල අතර සියලු දෙනා සදහා ආහාර පාන ලබාදෙමින් සංග්‍රහ කටයුතු සිදු කරනු ලැබුවේ උදැසනින් නිවෙස් වලින් පිං පඩි ලබාගැනිම සදහා නිරාආහාරව පැමිනෙන වැඩිහිටියන්ගේ පිපාසය හා බඩගින්න නිවාදමමිනි.
සිනි,පරිප්ප,තේ කොළ, ලුණු, සෝයාමිට්, සබන්, බිස්කට්‍‍්, සිද්ධාලේප මෙම වියලි ආහාර මල්ලට ඇතුලත් විය. මහියංගන පුජානගරයේ උපතැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ඩි.එම්. සිලවති මහත්මියගේ සම්බන්ධිකරණයෙන් මහියංගන තැපැල් ස්ථානාධිපති සරත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වියලි ආහාර සලාක බෙදාදිම සිදු කල අතර සම්පත් දායකත්වයෙන් දායකත්වය දැක් වු මහියංගන නගරයේ ලක්මිණ ඔටෝ සවිස් සෙන්ටර් අධිපති තුමන් හා පුජා නගරයේ ව්‍යාපාරිකයන් වන ඉන්දික ධනන්ජය හේරත් හා ඉසන්ක උදයකුමාර ගේ සුරතින් වියලි ආහාර බෙදාදිම සිදු කරන ලදි.
පසුගිය මාසයේදිද පිං පඩි ලබාගැනිම සදහා පැමිණ සිටි වැඩිහිටියන් හට රුපියල් 250 බැගින් ලබාදිමට මෙම තරුණ ව්‍යාපාරිකයන් කටයුතු කර තිබුනි. වැඩිහිටියන් සදහා අවම අවධානයක් ඇතිව තිබෙනා වකවානුවක මෙවන් වැඩිහිටි සත්කාරයන් සිදු කරනා තරුණ ව්‍යාපාරකයන් රටටම ආදර්ශයක් නොවන්නේද.



No comments:

Post a Comment