Monday, April 6, 2015

දම්බරාව ඔයට රෑ කාර් එක පෙරලි 01 මරුට - 3ක් රෝහලට

2015-04-04 ප.ව. 2:55
මහියංගනය දෙසට ධාවනය කරමින් තිබු කාර් එකක ඊයේ (03) රාත්‍රි 11.00ට පමණ දම්බරාව ඔයට පෙරලි එහි ගමන් කරමින් සිටි හතර දෙනාගෙන් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඊයේ (03) රාත්‍රි ඇතුලත් කරනු ලැබ ඇත.
මෙසේ මියගොස් ඇත්තේ දුම්මලසුරිය, උඩුබද්දාව, මහඅගාර යන ලිපිනයේ පදිංචිව සිටි සේනාරත්න මුදියන්සේලාගේ චන්ද්‍රාසේනාරත්න, වයස 53ක් වන අයෙකි.
රථය ඔයට පෙරලිමට පෙර පාලමේ ගැටි ඉන් අනතුරුව ඔයට පෙරලි ඇත. විශාල ශබ්දයක් ඇතිම හේතුවෙන් ප්‍රදේශවාසින් ඒ සම්බන්දයෙන් පරික්ෂාකිරිමේදි ඔයට පෙරලි තිබු කාර් එක සොයාගෙන ඇති අතර තුවාල කරුවන් කඩිනමින් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කෙරේ


No comments:

Post a Comment