Tuesday, August 9, 2016

ආදිවාසි දින සැමරුම දඹාන කොට බකිනිය ගම්මානයේදි

 2016-08-09 ප.ව. 4:37
ලෝක ආදිවාසී දින සැමරුම නිමිත්තෙන් අද (09) ආදිවාසී ගම්මාන රැසක ආදිවාසින් එක්ව දඹාන කොටබකිනිය ගම්මානයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සැමරීය.
ඒ නිමිත්තෙන් ඔවුන්ට ආවේනික වරිග සභාව ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රියේ දඹාන, මොරබැද්දේදි රැස්වු අතර එහිදි ඔහුන්ට ඇතිවි ඇති ගැටලු සම්බන්දයෙන් ප්‍රධාන ආදිවාසී නායක දඹාන වන්නිලා ඇත්තන් සමග සාකච්චා කෙරිනි. එම ගැටලු රජයේ අවධානය සදහා යොමු කිරිම සදහා අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාට හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වෙ දඹානේදි බාර දෙන ලදී. එහි කරුණු 11ක් රජයේ අවදානය යොමු කරන ලෙස ආදි වාසින් ඉල්ලා සිටි.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙවර ලෝක ආදිවාසි දිනට සමගාමිව ශ්‍රිලංකාවේ ආදිවාසි ජන කොට්ඨාශයන් සහබාගි කර ගනිමින් දඹාන කොටබකිනිය ගම්මානයේදී අද (09) උදැසන 10.30ට ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාගේ සහබාගිත්වයෙන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඒ සදහා මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් පී.එස්. පී. අබේවර්ධන මහතාගේ හා කාර්යය මණ්ඩලයේ සහයෝගය නොමසුරුව ලබාදී තිබුනි.
මෙවර ලෝක ආදිවාසි දින සැමරුම දඹාන, කොටබකිනිය ගම්මානය මුලික කරගනිමින් පැවැත්වෙන අතර ඒ සදහා ලංකාව පුරා විසිරි සිටින ආදිවාසින්ගේ ගම්මාන 06ක වැදි ජනතාව සහබාගිවිය.
මීට සමගාමිව ආදිවාසි ජනයාගේ අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ආදිවාසි ගම්මාය කේන්ද්‍ර කරගනිමින් පාසැල් පුස්ථකාල ප්‍රවර්ධනය කිරිමේ ප්‍රථම අධියර ලෙස ආදිවාසී කලාපයට අයත් පාසැල් 07කට පොත් බොදාදිම සිදු කරනලද අතර නොමිලේ වෛද්‍ය සායනයක් හා වියලි ආහාර සලාක බෙදාදීම සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිළධාරින්, ආදිවාසින් , ගම්වාසින් රැසක් සහබාගී වි සිටියෝය. ආදිවාසී ජන ගී හා කිරිකොරහා ශාන්ති කර්මය ආදි ඔහුනට ආවේනික සංස්කෘතික අංගවලින් මෙම අවස්ථාව වර්ණවත් විය.
ආදිවාසි ගම්මාන රැසක් මේ වන විට මත් රකුසාගෙන් වෙලාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ආදිවාසි පවුල් වල දරිද්‍රතාවය හා අසමගිය ඉහල ගොස් ඇතිබව ආදිවාසී කාන්තාවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. විශේෂයෙන් දඹාන ආදිවාසි ගම්මානයේ මෙම ගැටලුව උග්‍රබවත් ආදිවාසි ගම්මාන මත් රකුසාගෙන් බේරා දෙන ලෙස වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව කාන්තාවන් ඉල්ලා සිටියේය.
















Wednesday, August 3, 2016

කඩ 06ක් හා නිවසක් එක රැයකට මන්කෙල්ල කෑ මේ දෙදෙනා හදුනාගන්න පොලිසිය මහජන සහය පතයි

23:35 02/08/2016
ගිරාදුරුකෝට්ටේ, බෙලගන්වැව සිට මාපාකඩවැව දක්වා වු මාර්ගයේ ව්‍යාපාරික ස්ථාන 6ක් හා නිවසක් 2016-08-01 දින අලුයම මන්කොල්ල කෑ පුද්ගයන් දෙදෙනෙකුගේ CCTV දර්ශන අපවෙත ලැබී තිබේ.
මෙම පුද්ගලයන් හදුනාගැනීම සදහා මහියංගන පොලිසිය ඔබගේ සහය පතයි. කථාකරන්න 0718591517 / 0552258390 / 0552257222

Tuesday, August 2, 2016

පාසැල් සිසුවියන් දෙදෙනා ගිණි තබා ගෙන මරුට


 21:18 02/08/2016
පස්සර මඩොල්සිම රොබේරිය වතු යායේ පදිංචි 17 හැවිරිදි පාසැල් සිසුවියන් දෙදෙනෙකු සිරුරට ගිණි තබාගෙන සිය දිවි නසා ගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රොබෙරිය නව නිවාස වල පදිංචි සෙල්වකුමාරි කාංචනා සහ පරමේෂ්වරී අරුල් සෙල්වි යන ඥාති සොයුරියන් දෙදෙනාය.

වතු යායේ නිවාස දෙකක පදිංචි ඔවුන් එක් නිවසක් තුලදී සිරුරට භුමි තෙල් දමාගෙන ගිණි තබා ගෙන තිබේ. එක් සිසුවියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිසුවිය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් මෙසේ ගිණි තබා ගෙන ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ සිද්ධියක් මත යැයි තහවුරු නොවූ වාර්තා සදහන් කරයි.

Monday, August 1, 2016

මහියංගනයේ කෝවිල්යායේ හබරවැව අසරණ පවුලකට ජ.වි.පෙ. න් නිවසක් - ඔබටත් ඒ සදහා උපකාර කල හැක

20:30 01/08/2016
ජනාතා විමුක්ති පෙරමුනේ මහියංගන ආසන බලමන්ඩලය මගින් මහියංගන කෝවිල් යාය ගම්මානයේ අසරණ පවුලක් සදහා නිවසක් සාදාදීම සදහා පසුගිය මාසයේ 11 දින මුල්ගල තබා වැඩ ආරම්භකර ඇත.
ජනතා විමුක්ති පෙරමුනේ සහන සේවා බලකායේ පෙරරේරුවන් ශ්‍රමිකයන් දේශපාලන නායකයන් එක්ව මේ දිනවල එහි වැඩ කඩිනමින් නිම කරමින් සිටී. මහියංගන නගරයේ ව්‍යාපාරිකයන් ගම්වාසින්ද මේ සදහා මුල්‍ය උපකාර ද්‍රව්‍ය ආධාර ලබාදී ඇත.
ඌව පළාත්සභ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා හා හිටපු ඌව පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල මහතාද සිය ශ්‍රමය ලබාදෙමින් එහි වැඩ කටයුතු කඩිනම් සිදු කිරිම සදහා සිය ශ්‍රමය ලබාදීම විශේෂත්වයක් වේ.

මෙම අසරණ පවුලේ ගෘහ මුලිකයා අනතුරක් හේතුවෙන් ආබාධිත වු යෙක් වන අතර වයස 07 වසරේ ඉගෙනුම ලබන පාසැල් දැරියක් සිටින අතර මවද රෝගි කාන්තාවන් වීම හේතුවෙන්ද, ඔහුන් ජිවත්වු නිවස ගිය වසරේ වර්ශාවට බිමට සමතලා වීම හේතුවෙන්ද ඔහුන් සදහා නිවසක් සාදාදීමට තිරණය කල බව හිටපු ඌව පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල මහතා
පැවසීය. අසල්වාසියෙකු මෙම අසරණ පවුල සදහා පර්චස් 10ක ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර එම ඉඩමේ මේ වන විට නව නිවසක් සෑදීමට කටයුතු ආරම්භකර ඇත. කාමර 02ක් සාලය, කුස්සිය, හා වැසිකිලි දෙකක් මේ වන විට සාදමින් පවතින අතර ජනෙල් මට්ටමට වැඩ නිමකර අවසන්ය. ජනේල් සදහා දැව සොයාගැනිම මේ වන විට ගැටලුවක්ව පවතින අතර පරිත්‍යාග ශිලි අයෙකු සිටීනම් ඒ සදහා උපකාර කල හැක
ඔබත් මෙම සමාජ සත්කාරය සදහා එක්වීමට කැමතිනම් හිටපු ඌව පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල මහතා සමග කථාකර විස්ථර ලබාගත හැක
දුරකථන 0774005006/0718210706












පළතුරු ප්‍රවහනය මුවාවෙන් බුරුත දැව කොටන් ඇද්ද ලොරිය මාට්ටු

 2016-08-01 ප.ව. 12:16
පළතුරු ප්‍රවහනය මුවාවෙන් බුරුත දැව කොටන් කාලයක් තිස්සේ ප්‍රවාහනය කල ලොරි රථයක් ඊයේ (01) උදැසන කොටු කර ගැනීමට වනසංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මහියංගන අඩවි වන කාර්යාල නිළධාරින් සමත් විය.
රිදිමාලියද්ද, පින්නගොල්ලේ සිට මඩකලපුව දක්වා කාලයක් තිස්සේ මේ ආකාරයෙන් බලපත්‍ර නොමැතිව කපන ලද දැව ප්‍රවාහනය කර ඇති බවට අත් අඩංගුවට ගත් පසු නිළධාරින් විසින් අණාවරණය කරගෙන ඇත. අත් අඩංගුවට පත් ලොරි රථය මැදමහනුවර ප්‍ර දේශයේ ලොරි රථයකි. කෙසෙල්, බඩඉරිගු, කොස්, කොමඩු වැනි පළතුරු ලොරි රථයේ උඩින් පටවා අභ්‍යන්තරයේ බුරුත දැව සුක්ෂම ආකාරයෙන් අසුරා ප්‍රවාහනය කිරිමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කර ඇත.
අත් අඩංගුවය ගත් දැව කදන්වල වටිනාකම තක්සේරු කිරිම සදහා යොමු කර ඇති අතර අත් අඩංගුවට ගත් ලොරි රථය හා එහි රියදුරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
වනසංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මහියංගන අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිළධාරි අසේල කුලරත්න මහතාගේ මෙහෙය වීමෙන් වන කේෂ්ත්‍ර සහකාර ගාමිනි දිසානායක, ජයරත්න, අබේසේකාර නිළධාරින් හා වගා කම්කරු සුමතිපාල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චන්න රෝහිත, ධර්මරත්න හා වීරසේකර යන අය විසින් මෙම වැටලීම සිදු කර ඇත.







ඌව පළා‍තේ “ ක්‍රීඩා පාසල“ ගිරදුරුකොට්ටේදී විවෘත කෙරේ.‍

19:54 01/08/2016 ඌව පළා‍තේ “ක්‍රීඩා පාසල “ ගිරදුරුකොට්ටේදී 2016.07.30 වන දින ඌව ආන්ඩුකාරවරයා හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිනි. ඒ සදහා ප්‍රා දේශීය දේශපාලන නායකයන්ද එක්වී සිටියා.