Friday, January 8, 2016

පොදු ජන ජනපතිට වසරයි - සැමරුම වෙනුවෙන් මහියංගනයේ රුක්රෝපන වැඩසටහන් රැසක්


2016-01-08 පෙ.ව. 11:49‍
නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්, වගවීම පෙරටුකොටගත් යහපාලනය ස්ථාපිත කිරීම් ඇතුළු ‍බොහෝ ජනතා අභිලාෂ දිනවීම වෙනුවෙන් පෙරටවිත් “මෙරට පොදු ජනතාවගේ ජනාධිපතිවරයා” ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පදවිප්‍රාප්ත වී අදට (08) වසරක් සම්පූර්ණවේ.
ඒ නිමිත්තෙන් මහියංගන ප්‍ර දේශයේ ස්ථාන රැසක රුක් රෝපන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුනි. 
මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මාපාකඩවැව ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ මල්ලැහැවේ ශ්‍රි සරණංකර නාහිමියන්ගේ හා මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාෙද්ශිය ලේකම් රුචිනි ප්‍රතිබා හිටිහාමු මෙනෛමියගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභාවේ මන්ත්‍රි හා මහියංගන ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහාතාගේ සහබාගිත්වයෙන් රුක් රෝපන වැඩසටහනක් සංවිධානය කර තිබුනි. ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් විශාල පිරිසක් හා විහාරස්ථානයේ කුඩා සාමනේර හිමිවරු රැසක් මෙම රුක් රෝපන වැඩසටහන සදහා සහබාගි වී සිටියේය.




No comments:

Post a Comment