Friday, January 29, 2016

ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමන්ත විද්‍යාරත්න පොහොර ගබඩාවට යන පාර හරස්කර බිම ඉදගනී- පොහොර ලබාදෙනතුරු නොනැගිටින බව කියති. බත් කන එව්න්ද දන්නේ නෑ මේ චක්‍ර ලේඛන ගහන්නේ???? විමසති


ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා සමන්ත විද්‍යාරත්න පොහොර ගබඩාවට යන පාර හරස්කර බිම ඉදගනී- පොහොර ලබාදෙනතුරු නොනැගිටින බව කියති. බත් කන එව්න්ද දන්නේ නෑ මේ චක්‍ර ලේඛන ගහන්නේ???? විමසති
මහියංගන හා රිදිමාලියද්ද ප්‍ර දේශවල දුප්පත් ගොවි පවුල් 5000ක් පමන පොහොර ලබාගැනිමට නොහැකිව කුඹුරු විනාශවෙමින් මහත් අපහසුතාවයකට පත්ව අති බව පවසමින් ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුනේ සමන්ත විද්‍යාරත්න මහතා මහියංගන රජයේ පොහොර ගබඩාවට යන පාර හරස්කරමින් ගොවියන් සමග අද(29) උදැසන බිම ඉදගත්තේය. පොහොර ලබාදෙනතුරු නොනැගිටින බවද කිවේය.
මෙම පොහොර ගැටලුව සම්බන්දයෙන් සාකච්ඡාකිරිම සදහා ගොවිජනතාව සමග සමන්ත විද්‍යාරත්න මහතා මහියංගන ගොවිජනසේවා කාර්යාලයටද ඉන් අනතුරුව මහියංගන රජයේ පොහොර ගබඩාවට ගොස් එම නිළධාරින් සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව ගබඩාව නිරික්ෂණය කෙරුනි. එහිදි ගබඩා පුරවා විශාල ප්‍රමාණයක් පොහොර තිබෙන බවත් එසේ තිබියදී, පොහොර සහනාදාරයත් නොලැබෙන බවත් , අඩුම තරමේ වෙළෙදසැල්වලින් මිළදි ගැනිමටත් නොහැකි වී ඇති බව කිවේය.
“ පාලකයො ගොවිජනතාවට පොහොර සහනාදාරය ලබාදුන්නේ රං රිදි බන්දේසිවල තියලා නෙවෙයි. ඒ වත් අපි ලබාගත්තේ මාරාන්තික උපවාස කරලා. ඒ 2004දි.
මේ ආන්ඩුව යහපාලන කියලා බෝඩ් එකක් ගහගත්තට ඒකෙ ඇති යහපත් කමක් නෑ. ඡන්දෙ දීපු අත්වල කරගැට මතුඋන වී ගොවියටත්, එළවලු ගොවියටත් දැන් ඒ පොහොර සහනාධාරය නෑ. දැන් ආන්ඩුව ඡන්දෙ දීපු ගොවි ජනතාවට දෙන සහනාධාර සියල්ල දැන් කපාගෙන යනවා. ඉස්සර දුන්න කූපන් පොත කැපුවා. ජනසවිය, සමෘර්ධිය, රෙදි සහනාධාරය කැපුවා, ඒවාට දැන් වව්චර් එවනවා... ඒ වගේ පොහොර සහනාධාරයටත් ශොට් එක දෙන්ඩ තමයි දැන් දගලන්නේ.
පොහොර අලෙවි නියෝජිතයො පොහොර අරන් ගිහින් බලාගෙන ඉන්නවා වැඩි මිළට විකුණන්න. දැන් ගොවියන්ට පොහොර නෑ. සමහර පොහොර අලෙවි නියෝජිතයො කැමැත්තෙන් බලාගෙන ඉන්නවා පොහොර විකුණන්න. ඒ දැන් පොහොර විකුණන්න බැරි චක්‍රෙල්ක ටිකක් ගහලා. බත් කන එව්න්ද දන්නේ නෑ මේ චක්‍ර ලේඛන ගහන්නේ. ගොවියට පොහොර ගන්නනම් ඉල්ලුම් පත්‍රයක් පුරවගෙන එන්න කියලා තියෙන්නේ. එක අත්සන් කරන්න ඕන හය හත්දෙනෙක්. ගොවිසංවිධාන සභාපති ලේකම්, කුපනිස මහත්තයා අත්සන් කරන්න ඕන. කෘෂි උපදේෂක, ගොවිජන සංවර්ධණ නිළධාරිවරයා අත්සන් කරන්න ඕන. ඊලගට දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් අත්සන් කරන්න ඕන. ඊලගට දිස්ත්‍රික් ලේකම් අත්සන් කරන්ඩ ඕන. මේවා බත් කන එව්න් ගහන චක්‍ර ලේඛණද කියලා මම අහන්ඩ කැමති. මේවා අත්සන් කර කර යන කොට අත්සන් ටික ඊලග කන්නයටත් ගන්ඩ වෙන්නේ නෑ. මම මෙහෙ ඉන්න කෘෂි උපදේෂක මහත්තයාගෙන් ඇහුවා ෆෝම් කියක් අත්සන් කරන්න ඕනද කියලා. එයා කියනවා ෆෝම් 12000ක් අත්සන් කරන්න ඕන කියලා. ඒ මිනිහාට පත්තු බදින්න වෙනවා අත්වලට
දරුවාට කිරි ඕන වෙලාවට කිරි දෙන්න ඕන. දරුවාට කෑම දෙන්න ඕන වෙලාවට කෑම දෙන්න ඕන. පැලේටත් ඕන වෙලාවට පොහොර දෙන්න ඕන. ඇයි මේ පාලකයන්ට මේක තේරෙන්නේ නැත්තේ“ යැයි ප්‍රශ්න කර සිටියේය.
මාර්ග අවහිරකර විරෝධතා දැක්වීම වලක්වමින් මහියගංක මහේස්ත්‍රාත් අධිකරණයේ නියොගයක් ලබාගැනීමට මහියංගන පොලිසිය කටයුතු කර තිබු අතර “ යන හිරේක මමනේ යන්නේ...ගොවිජනතාව වෙනුවෙන් පොහොර ටික දෙන තුරු මම පොහොර ගබඩාවට එන පාරේ ගේට්ටුව ගාව බිම ඉද ගන්නවා..ඒකට කව්රුත් එකගද??? යැයි විමසා සමන්ත විද්‍යාරත්න මහතා ගොවි ජනතාව සමග බිම ඉද ගත්තේය. පැය කිහිපයක් රජයේ පොහොර ගබඩාවට යන මාර්ගය හරස් කරමින් පිරිස වාඩිවි සිටියේය.
බදුල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් ගාමිනි මහින්දපාල මහතා විසින් පොහොර ගබඩාව වෙත ෆැක්ස් පතක් යොමු කරමින් “2016-01-05 දින සිට 2016-01-29 දින සිට අනෙකුත් බෝගවගාවන් සදහා සහනාධාර පොහොර නිකුත් කිරිම - හෙක්ටෙයාර් 2කට වඩා අඩු උවත් වී වගාව සදහා අවශ්‍ය අතිරේක පොහොර අවශ්‍යතාවය කෘෂිපර්යේෂණ, නිෂ්පාදන සහකාර, කෘෂිකර්ම උපදේශකගේ නිර්දේශ ලබාගෙන දිස්ත්‍රික් පොහොර කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව අක්කරයට යුරියා කිලෝ 50ක් බැගින් පොහොර මිටි 2ක් ලබාදීමට කටයුතු කරනා බවත් ඒ සදහා සෙනසුරාදා හා ඉරිදා දින යන දින දෙක ගොවිජනසේවා කාර්යාල විවෘත කර තබන බව සදහන් ෆැක්ස්පත එවීමත් සමග ගොවිජනතාව හා සමන්ත විද්‍යාරත්න මහතාගේ විරෝධතාවය අවසන් විය.




No comments:

Post a Comment