Thursday, January 28, 2016

මහියංගනයේ නගරයේ වෙළෙදසැලක වෙළෙද සේවිකාවගෙන් භාණ්ඩ ඉල්ලා කැශියර් එකේ සල්ලිවලට විද්ද හොරා පැනලා යද්දි පොලිසියට මාට්ටු -


2016-01-28 ප.ව. 10:30
මහියංගන පදියතලා මාර්ගයේ ඇගලුම්කම්හල ආසන්නයේ වු ගෘහ භාණ්ඩ අළෙවිසැලකට පැමිණ තෑගි කිරිම සදහා ගෘහ භාණ්ඩයක් මිළදිගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළෙද සේවිකාවගේ අවදානය වෙනතකට යොමුකර ලාච්වුවේ වු මුදල් සියල්ල සොරාගෙන කාර් එකකින් අද දහවල් (28) ඵලා ගොස් ඇත. 
මෙම සොරාගැනිම මාර්ගයේ නවතාතිබු ලොරි රථයක සිටි තරුණ රියදුරෙකු දැක ඇති අතර ඒ සම්බන්දයෙන් වෙළෙද සේවිකාව දැනුවත් කර පොලිසිය වෙත කඩිනමින් 119 මගින් දැනුම් දිමත් සමග ඵලා යමින් සිටි පුද්ගලයා හසලක පොලිස් මාර්ග බාදකයෙදී සොරකම සිදුවී විනාඩි 15ක් වැනි ඉතා කෙටි කාලයකදී අත් අඩංගුවට ගැනීමට හැකි වින.
අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්දයෙන් මෙවැනිම සොරකම් රැසක තොරතුරු මේ වන විට හෙලිවී ඇති අතර හසලක ප්‍ර දේශයේ වෙළෙදසැල් කිහිපයකම මෙවැනි ආකාරයට සිදුකල සොරකම්වල තොරතුරු අනාවරණය වෙමින් පවති. සොරකම සදහා කොළඹ ප්‍ර දේශයෙන් නවීන පන්නයේ කාර් රථයක් කුලියට ලබාගෙන ඇත. ගෘහ භාණ්ඩ වෙළෙදසැලේ සොරගෙන ඇති මුදල 9600කි.
සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය හා හසලක පොලිසිය එක්ව පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
මාර්ගයේ නවතාතිබු ලොරි රථයක සිටි තරුණ රියදුරාගේ කඩිනම් ක්‍රියාකලාපය හේතුවෙන් සොරකම් රැසකට සම්බන්ද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට පොලිසියට හැකි වින.






No comments:

Post a Comment