Monday, January 11, 2016

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගය සම්පුර්ණයෙන් වසා ගම්මු උද්ගෝෂණයක - මාර්ගයේ ගමනාගමනය නවති

මහියංගන ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගය සම්පුර්ණයෙන් වසා ගම්මාන 07 ජනතාව ඊයේ (10) උදැසන 5 කණුව කහනියගොඩ ප්‍ර දේශයේදී  උද්ගෝෂණයක නිරත විය.  ඒ හේතුවෙන් මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ වාහන ගමනාගමනය  පැය 2කට පමන නැවතිනි.
මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වටවන ගමමානය අවට ගම් රැසක් සදහා ගමන් කරන මාර්ග කිහිපයක් මේ වන විට දැඩි ලෙස අබලන් වී ඇති බවටත් 2002 වර්ශයෙන් පසු ඒව මේ වනතුරු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් කිරිමට බළධාරින් හා නිළධාරින් අපොහොසත් වී ඇති පබවට චෝදනා කරමින් ගම්වාසින් විශාල පිරිසක් ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත විය.

මහියංගන ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ 5 කණුව, කහනියගොඩ හංදියේ සිට වටවන ප්‍රධාන මාර්ග මෙලෙස දැඩි ලෙස අබලන් වී ඇති බවත් ඒ හේතුවෙන් වටවන, නව මකුලුගොල්ල, පැරනි මකුලුගොල්ල, අඹගස්පට්ටිය, කහනිය ගොඩ යන ගම්මාන වල ගම්වාසින් දැඩි පීඩාවට පත්ව ඇති බවට ගම්වාසින් චෝදනා කරති. මෙවැනිම ආකාරයේ විරෝධතාවයක් මීට පෙර සංවිධානය කර තිබියදී බළධාරින් පැමිණ මාස තුනක් යෑමට පෙර මාර්ගය සකස දෙන බවට පොරොන්දු ලබාදී ගම්වාසින් රැවැට්ටු බවටද මෙහිදි ගම්වාසින් චෝදනා කලේය.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා මැදිහත් වීමෙන්  ගම්වාසින්ගේ ගැටලුව සම්බන්දයෙන් සාකච්චා කර අදාල බළධාරින් දුරකථන මාර්ගයෙන් සම්බන්දතාවය ලබා දුන් අතර ගැටලුව සම්බන්දයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසිම සදහා ලබන බදාදා දින කාර්යාලය වෙත පැමිනෙන ලෙස දැන් වු අතර ගම්වාසින් හා පොලිසිය අතර උණුසුම් කථාබහක්  ඇති වුයේද මේ ආකාරයෙන්ම මීට පෙරත් පොරොන්දු ලබාදෙමින් ගම්වාසින් රැවටිමට ලක්කල බව පවසමිනි.
ඒ අනුව එලැබෙව බදදා දින ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී ගැටලුවට පිලිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව ගම්වාසින් විරෝධතාවය අවසන් කෙරිනි.













No comments:

Post a Comment