Monday, January 11, 2016

අස්ගිරිනායක හිමියන්ගේ 95 වන ඡන්ම දිනයට ගැබිනි මව්වරු 70කට වියලි ආහාර සලාක, උපකරණ බෙදාදේ.


1/11/2016 3:36 PM
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ශ්‍රී භයගිරි විජයසුන්දරාරාම මහා විහාරද්වයාධිපති ශාසන සෝබන ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්තදස්සී අස්ගිරි පාර්ශ්‍යවයේ විසි එක්වැනි මහා නායක හිමිපාණන්ගේ 95වන ජන්මදිනය අදට(11) යෙදී ඇත.
උන්වහන්සේ උදෙසා මහියංගන රජමහා විහාරයේදී මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අශ්ටපරිශ්කාර පුජාකර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලේය.‍
ඒ නිමිත්තෙන් මහියංගන රජමහා විහාර භාරකාර පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන්ගේ සංවිධානයෙන් හා මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ කතරගම බස්නායක නිළමේ තැන්පත් ඩි.පී. කුමාරගේ මහතාගේ ගැබිනි කාන්තාවන් 70ක් සදහා වියලි ආහාර සලාක හා ගැබින් කාන්තාවන් සදහා අවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයක් මහියංගන රජමහා විහාරස්ථානයේදී සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා අස්ගිරිපාරි නායක හිමියන්ද වැඩම කර සිටියහ.

මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ අදහසකට අනුව කතරගම පෙරහැර සදහා සහබාගිවන හා දැනට රෝගාතුරව සිටින    වයස්ගසතම ආදිවාසියා වන උනෑපාන වරිගයේ බන්ඩිලා ඇත්තන් සදහා සහ කතරගම බස්නායක නිළමේ තැන්පත් ඩි.පී. කුමාරගේ මහතාගේ මැදිහත්වීමෙන් විශාම වැටුපක් ප්‍රධානය කිරිම මෙහිදි සිදු කෙරුන අතර අස්ගිරිපාරි නායක හිමියන්ගේ සුරතින් එය ප්‍රධානය කිරිම මෙහිදි සිදු කෙරින.
මෙහිදී සහ කතරගම බස්නායක නිළමේ විසින් අස්ගිරි මහා විහාරස්තානයට හා මහියංගන රජමහා විහාරයට පිත්තල පහන් පුජාකිරිමද සිදු කෙරිනි.


No comments:

Post a Comment